Episode 9

184 37 0
                                    

ටිකක් වෙලා කතා කර කර ඉදලා ඊළඟට අපි ෆිල්ම් එකක් බලන්න ගත්තෙ බියර් එකකුත් බොන අතරෙමයි. කොච්චර කතා කළත් කොච්චර හිනා වුණත් හියුන්ලා කවුරුවත් මගෙන් ඇයි ඇඬුවෙ කියලා ඇහුවෙ නෑ. සමහරවිට මගේ හිතේ තියෙන දේවල් අහන්නෙ නැතුවම වුණත් එයාලාට තේරුම් ගන්න පුලුවන් ඇති. ටීවී එකේ ෆිලිම් එක ගියාට ඒක බලනවා වෙනුවට අපි වැඩිපුර කළේ ඉස්සර දේවල් මතක් කර කර හිනා වුණ එක. ඔව්... ඒ මතක හරිම සුන්දරයි..... මන් දන්නවා නොකිව්වට අපි හැමෝටම ඕනි වුණේ ආයෙත් ඒ කාලෙට යන්න. මට විශ්වාසයි.... ජිමින් හියුන් කිව්වා වගේ ආයෙත් ඒ වගේ කාලයක් අපේ ජීවිත වලට එයි.

"මට නිදිමතයි. ඔයාලා ඕක බලලා එන්න මන් යනවා."

එහෙම කියාගෙන යුන්ගි හියුන් එයාගෙ රූම් එකට යනවා වගේ අහන්නෙවත් නැතුව මගේ බෙඩ් රූම් එකට යන විදිහ දැක්කම මට හිනාත් ගියා.

"මටත් දැන් මේක බැලුවා ඇති වගේ අපිත් නිදාගමුද."

හොබී හියුන්ගෙ කතාවට හැමෝම එකඟ වුණේ කොහොමත් කාටවත් ෆිල්ම් එක බලන්න මුළ ඉදන්ම ලොකු වුවමනාවක් තිබ්බෙ නැති නිසයි. ටීවි එක ඕෆ් කරලා මන් රූම් එකට යන්කොටත් යුන්ගි හියුන් ළඟින්ම ටේහ්‍යුන් හියුනුත් ඇඳේ වැතිරිලා ඉවරයි. ඒ කියන්නෙ අද මම මගේ බෙඩ් රූම් එකෙනුත් එළියට යන්න ඕනිද.... තව කාමර තුනක්ම තිබ්බ ගෙදර වෙන කාමරේකට ගිහින් තනියම හොඳට අතපය දිග ඇරලා නිදාගන්න පුලුවන් කම තිබ්බත් අද මගේ හිත තනියම නිදාගන්න කැමති වුණේම නෑ.

Weverse live(Sinhala Ff)Where stories live. Discover now