Episode 2

333 46 2
                                    

මන් කල්පනා ලෝකෙ ඉද්දි සිංදුව ඉවර වෙලා ඔටෝම ප්ලේලිස්ට් එකේ ඊළඟට තිබුණු සිංදුව පටන් අරගෙනත් ඉවරයි. ගෙනාපු බියර් ටින් එක කඩලා වීදුරුවට වත් කරගෙන මන් සෝෆා එකට හේත්තු වුණේ ඊළඟට අහන්නෙ මොන සිංදුවද කියලා හිතන ගමන්. අහන්න එක සිංදුවක් තෝර ගන්න බැරිම තැන අන්තිමට මන් කළේ BTS කියලා යූ ටියුබ් එකේ සර්ච් කරපු එක. අවුරුදු ගාණක් අපි කරපු සිංදු එක දිගට දිස් වෙද්දි මන් හැම එකක්ම පහු කරගෙන ටික ටික පහළට ගියේ අපේ world tour performance, stadium tour performance, award show performance, Run BTS episodes, ඔය වගේ ගොඩක් ඒවා පහුකරගෙන. මේ ගෙවුණු අවුරුදු දහයට අපි කොච්චර දේවල් කරලද.... අපි කොච්චර සතුටු වුණාද.... කොච්චර අත්දැකීම් ගත්තද.... ඒත් ඒ හැම මොහොතක්ම මන් ගත කළේ තනියම නෙමෙයි හියුන්ලා එක්ක. ඇයි මට එයාලා නැතුව මෙච්චරටම පාලු.....

ආයෙමත් බියර් වීදුරුවෙන් උගුරක් බීලා මන් ලොකු සුසුමක් හෙළුවෙ අපේ stage performance වීඩියෝ එකෙකුත් ප්ලේ කරන අතරෙමයි. ස්ටේජ් එක මැද ඉදන් අපි කට්ටිය සිංදු කියද්දි වටේට දිලිසුණ army bomb සිංදුවෙ තාලෙටම දෙපැත්තට වැනුනෙ ආර්මිලා අපිත් එක්කම ඉන්නවා කියලා පෙන්නන්න වගේ. ඒක දැක්කම ආපහු ඒ ලස්සන දර්ශනය හැබහින් දකින්න මට ඇති වුණේ පුදුම ආසාවක්.

"ඔයාලා නැතුව මට පාලුයි ආර්මි...."

මගේ කටින් ඒ වචන ටික පිටවුණේ ලොකු සුසුමකුත් එක්කමයි. ඒත් මගේ වේදනාබර වචන වලට ඇහුම්කන් දෙන්න මේ ගේ ඇතුළෙ කවුරුවත් නෑ. අඩුම තරමෙ මන් කියන දේවල් නොතේරුණත් නැට්ට වනලා මන් ගාව හුරතල් වෙන බම්වත් අද මන් ළඟ නෑ. ලොකු පාලුවක් තනිකමක් මට දැනුණෙ. හරියට කියාගන්න බැරි වේදනාවක් හිතේ හිරකරන් ඉන්නවා වගේ..... හැබැයි මන් දන්නවා මගේ මේ අමුතු ලෙඩේට එකම එක බෙහෙතයි තියෙන්නෙ. ඒ තමයි ආර්මි....

Weverse live(Sinhala Ff)Where stories live. Discover now