Episode 3

256 48 1
                                    


ඔලුවට ආපු අදහසත් එක්ක කෙළින්ම මගෙ රූම් එකට දුවලා ගිහින් මේසෙ උඩ තිබ්බ ටැබ් එකත් අරන් ආපහු මන් සෝෆා එකට ඇවිත් වාඩි වුණේ මන් මේක කරනවද නැද්ද කියන හිතේ දෙගිඩියාවත් එක්කමයි. මොකද මේ ටිකේම මන් live ගියේ බියර් එකක් බිබී..... අනික හැම පාරම වගේ රෑ වෙලා.... දැනටම වෙලාව පහට කිට්ටු වෙලා තියෙද්දි අදත් මන් බියර් එකක් බිබී ආර්මිලව හම්බෙන්න යන එක හරි නැද්ද කියලත් මට හිතුණා. හියුන්ලා නම් බොන ගමන් ලයිව් යන්න එපා කියලා ගෲප් එකේ මැසේජ් දාලා තිබ්බට එයාලා දන්නවා මන් එයාලා කියන දේ අහන්නෙ නෑ කියලා. ඒත් බොන ගමන් ලයිව් ගිහින් ආර්මිලට මන් නරක ආදර්ශයක් දෙනවදෝ කියලත් වෙලාවකට මට හිතෙනවා. මොනවා කරන්නද හැමදාම බියර් වීදුරුව අතට ගත්ත ගමන් මට මුළින්ම මතක් වෙන්නෙ ආර්මිලව.

Weverse ඇප් එක දිහායි ස්ටූල් එක උඩ තිබ්බ බියර් වීදුරුව දිහායි මාරුවෙන් මාරුවට බලලා ඔන්න ඔහේ ඕන දෙයක් වෙයිනෙ කියලා හිතාගෙන මන් weverse account එකට ලොග් වුණා. කැමරාව හරියට සෙට් වෙන්න ටැබ් එකත් පැත්තකින් තියලා ලයිව් යන්න කලින් අන්තිම වතාවට වටපිට බැලුවෙ මුකුත් අවුලක් වෙන කිසිම දෙයක් පේන්න තියෙයිද බලන්න. කැමරාවට අහුවෙන ඒරියා එකේ එහෙම ලොකුවට බඩු මුකුත් තිබ්බෙ නෑ. හැබැයි පිටිපස්සෙ ඩයිනින් ටේබල් එක උඩ තිබ්බ mikrokosmos lamp එක දැක්කම කලින් කරපු ලයිව් වල වගේ අදත් මන් ටක් ගාලා ගිහින් ලෑම්ප් එක ඔන් කළේ ආර්මිලත් ඒකට කැමති නිසයි.

හැමදේම හරියට සෙට් කරලා මන් ලයිව් ඔන් කරනවත් එක්කම ටික ටික ආර්මිලා මගේ ලයිව් එකට ජොයින් වුණේ හරියට මෙච්චර වෙලා මගේ හිතේ තිබ්බ පාලුව කාන්සියත් ටික ටික නැති කරලා දාලා. ස්ක්‍රීන් එකේ පැත්තකින් හෝ ගාලා ආර්මිලාගෙ comment උඩට යද්දි මන් ජීවත් වෙනවා කියන හැඟීම මට ආයෙත් දැනුණා. ඒ දම් පාට heart පිරුණු ආදරය ඉතිරෙන comment අතරෙ හැමදාටම තනිවෙලා ඉන්න මට ඕනි වුණා. මන් දන්නවා මේ ජියෝන් ජන්කුක්ට හැමදාම ආර්මිලා ආදරෙයි..... කිසි වෙනසක් නැතුව හැමදාමත් එක වගේ ආදරෙයි. ඉතින් මගේ හිත හදන්න පුලුවන් එකම බෙහෙත මේක කියලා මන් හිතන එකේ වරදකුත් නෑ.

Weverse live(Sinhala Ff)Dove le storie prendono vita. Scoprilo ora