Episode 7

211 37 0
                                    

"මටත් ඔයාලා නැතුව පාලුයි කුකී.... අපි හැමෝම එකට ගත කරපු ඉස්සර දවස් නැතුව මට හරිම පාලුයි. ඒත් අපිට ආයෙ එහෙම ඉන්න දවසක් එයි ජන්කුක්. අපි හත් දෙනයි ආර්මිලයි හැමෝම ආයෙ දවසක එකට ඉදී. ඒ දවස වෙනකන් අපි මඟ බලන් ඉමු."

"හ්ම්.... "

කියන්න දේවල් ගොඩක් හිතට ආවත් USA වලට අඩිය තිබ්බ ගමන් මන් ජිමින් හියුන්ගෙ මූඩ් එක අවුල් කරයි කියන බයට වැඩිය මුකුත් කියන්න ගියෙ නෑ. තවත් ටිකක් වෙලා කතා කරලා හියුන් ෆෝන් එක තියද්දි මන් කල්පනා කළේ මන් තව බියර් වීදුරුවක් බොනවද නැද්ද කියලා. මොකද මේ වෙනකොට බියර් නොබීම ජිමින් හියුන්ට පුලුවන් වුණා බියර් වලටත් වඩා හොඳට මගේ හිතට සහනයක් ගේන්න. බියර් වීදුරුවත් අතට අරන් හිතේ දෙගිඩියාවෙන් හරි තීරණයක් ගන්න බැරුව ලත වෙවී ඉද්දි මන් ගැස්සුණේ එකපාරටම වැදුණු ගෙදර බෙල් එකේ සද්දෙට.

වෙලාව රෑ නමයත් පහු වෙලා තියෙනකොට මන් නැඟිටලා ගිහින් දොරේ කැම් එක ඔන් කරලා බැලුවෙ මේ මහ රෑ මාව හම්බෙන්න ආවෙ කවුද බලන්න. මොකද අඳුරන්නෙ නැති අයට දොර අරින්නෙ නැති එක මගේ පුරුද්දක්. මාස්ක් දාලා කැප් දාලා මූණු පැහැදිලි නැති මිනිස්සු හතර දෙනෙක් මගේ දොර ඉස්සරහා හිටගෙන හිටියට ඒ කලු පාට මාස්ක් පිටිපස්සෙ තියෙන කඩවසම් මූණු ටික එයාලව දැක්ක ගමන්ම මට හිතා ගන්න පුලුවන් වුණා. උඩ පැනලා නටන්න තරම් සතුටක් හිතට එද්දි මන් දුවලා ගිහින් දොර ඇරියේ මන් එයාලව බලාපොරොත්තුවෙන් මඟ බලන් හිටියා වගේ.

"හියුන් ඔයාලා මෙහෙ."

දොරත් ඇරගෙන මගේ ඉස්සරහා හිටිය හියුන්ලා හතර දෙනා දිහා බලාගෙන මන් කතා කරන අතරෙ යුන්ගි හියුන් ඇතුළට ඇවිත් මාව බදා ගත්තෙ ආයෙත් පාරක් මගේ ඇස් වලට කඳුලු පුරවලා.

"ඇයි අපිට මෙහෙ එන්න බැරිද."

Weverse live(Sinhala Ff)Where stories live. Discover now