Episode 6

223 40 1
                                    

"ජිමින් හියුන්.... එයා මෙච්චර ඉක්මනට ගිහින්ද."

අද උදේ USA ගියපු ජිමින් හියුන්ගෙන් මේ වගේ වෙලාවක කෝල් එකක් ආපු එකට පුදුම හිතුණත් ඊටවඩා මට ඒ කටහඬ අහන්න නොයිවසිල්ලක් තිබුණා කිව්වොත් හරියටම හරි.

"හෙලෝ ජිමින්ශි...."

මගේ සුපුරුදු තාලෙන්ම මම ජිමින් හියුන්ට කතා කරන්න පටන් ගනිද්දි මට ඇහුණා හියුන් ෆෝන් එක එහාපැත්තෙ ඉඳන් හිනාවෙන හඬ. අතින් කටත් වහගෙන ලැජ්ජාවෙන් වගේ ජිමින් හියුන් හිනාවෙන විදිහ මට මැවිලා පෙනුණෙ හියුන්ගෙන් ඕනි තරම් මන් ඔය දර්ශනය ඇස් දෙකෙන්ම දැකලා තියෙන නිසා.

"යාහ්... ජන්කුකා... මොකෝ මේ ඔයා අපේ ආර්මිලව අඬවලා."

හියුන් පොඩ්ඩක් සැරෙන් වගේ කතා කළාට මන් දන්නවා එයා ඒක කළේ බොරුවට. මොකද ෆෝන් එකෙන් කතා කළත් ජිමින් හියුන් දෙයක් කියන්නෙ ඇත්තටමද නැද්ද කියලා තේරුම් ගන්න පුලුවන් තරමට මන් එයාට ළං වෙලයි හිටියෙ. ජිමින් හියුන්ට විතරක් නෙමෙයි..... අනිත් හියුන්ලා පස් දෙනාටත් ඒ තරමටම මන් ළං වෙලයි හිටියෙ.

"හියුනුත් මගේ ලයිව් එක බැලුවද."

"නෑ ජන්කුකා තාම මන් එයාර්පෝර්ට් එකේ ඉදන් හොටෙල් එකට යන ගමන්. ඔයා ලයිව් එකේදි ඇඬුවා කියලා SNS වල ආර්මිලා හැමතැනම කතා වෙනවා දැකලා මන් කෝල් එකක් ගත්තෙ. ජන්කුකා... හැමදේම හොඳින්ද. ප්‍රශ්නයක් තියෙනවනම් කියන්න. දන්නවනෙ ඔයාට ඕනි දෙයක් ජිමින් හියුන්ට කියන්න පුලුවන්. තේරුණානෙ."

"නෑ... නෑ... ජිමින් හියුන්.... මට කිසි ප්‍රශ්නයක් නෑ මන් හොඳින්. දන්නැද්ද මන් පොඩ්ඩක් බිව්වම ඕනවට වඩා හිතන්න යනවනෙ ඒකයි."

"ඔයා බිව්වම කරන්නෙ මොකද්ද දුක හිතුණම කරන්නෙ මොකද්ද... හැමදේම මන් හොඳට දන්නවා ජන්කුකා. මේ දවස් ටිකේ වැඩ එක්ක බිසී වුණ හින්දා මට ඔයාව මඟ ඇරුණා කියලා මන් දන්නවා. ඒත් හියුන්ලා කවුරුවත් ඔයාව අමතක කරලා නෑ හරිද."

"මන් ඒක දන්නවා ජිමින් හියුන්.... ඒත් මට ඔයාලා නැතුව පාලුයි."

පැය ගානක ගුවන් ගමනකින් පස්සෙ මහන්සිය ගැනවත් හිතන්නෙ නැතුව එයාපෝර්ට් එකෙන් එළියට ආපු ගමන්මයි ජිමින් හියුන් මට කෝල් කරන්නෙ කියලා හිතන්නෙවත් නැතුව මන් ඔහේ හිතේ තියෙන දේවල් කියලා දැම්මෙ තාමත් හියුන්ලගෙ ආදරේ ඉස්සරහා පොඩි එකෙක් වගේ හුරතල් වෙන්න ඉස්සර තරම්ම මගේ තිබ්බ ආසාවට.

"මටත් ඔයාලා නැතුව පාලුයි කුකී.... අපි හැමෝම එකට ගත කරපු ඉස්සර දවස් නැතුව මට හරිම පාලුයි. ඒත් අපිට ආයෙ එහෙම ඉන්න දවසක් එයි ජන්කුක්. අපි හත් දෙනයි ආර්මිලයි හැමෝම ආයෙ දවසක එකට ඉදී. ඒ දවස වෙනකන් අපි මඟ බලන් ඉමු."

"හ්ම්.... "

Weverse live(Sinhala Ff)Where stories live. Discover now