Episode 8

197 40 0
                                    

"ඇයි අපිට මෙහෙ එන්න බැරිද."

යුන්ගි හියුන් එහෙම කියන ගමන් මාව බදා ගත්තම මාත් කළේ ඒ උණුහුම හොය හොයා හිටියා වගේ හියුන්ට තව ටිකක් තුරුල් වෙච්ච එක. සාමාන්‍යයෙන් යුන්ගි හියුන් වැඩිය ආදරේ පෙන්නන්න කැමති නෑ තමයි.... ඒත් ඉදලා හිටලා හරි ඒ ආදරේ දැනෙන්න දෙද්දි හියුන් ඒකට සීමාවක් දැම්මෙ නෑ. මන් පොඩි එකෙක් වගේ යුන්ගි හියුන්ව බදාගෙන ඉන්න අතරෙ නම්ජූන් හියුනුයි හොබී හියුනුයි ටේහ්‍යුන් හියුනුයි ඇතුළට ඇවිත් දොර වහන සද්දෙ ඇහුණත් මට යුන්ගි හියුන්ව අතාරින්න හිතුණෙ නෑ. ඒත් නම්ජූන් හියුන්ගෙ කටහඬට අකමැත්තෙන් වුණත් මන් යුන්ගි හියුන්ගෙන් ඈත් වුණා.

"ජන්කුකා දැන් ඔයා අපිට වාඩි වෙන්නවත් කියන්නෙ නැද්ද."

"ඔයාලා ඉතින් වෙනදටත් මන් කියනකන් ඉන්නෙ නෑනෙ නම්ජූන් හියුන්."

මගේ කතාවට ඩිම්පල් හිනාවත් දාලා නම්ජූන් හියුන් සෝෆා එක දිහාවට ඇවිදන් යන අතරේ හොබී හියුනුත් මගේ කරට අතදාගෙන ඒ පස්සෙන්ම ගියේ යුන්ගි හියුනුයි ටේහ්‍යුන් හියුනුයි අපිත් එක්කම ඇවිදන් එද්දි.

"ඔන්න ජන්කුකා අපි ආයෙ යන්නෙ එළිවෙලා හෙට උදේටත් කාලම තමයි. මන් ආවෙ එළිවෙනකන් වුණත් බලන්න තරම් ෆිල්ම් ගොඩක් හොයාගෙන."

සාක්කුවේ තිබ්බ පෙන් ඩ්‍රයිව් එකක් අතට අරන් පෙන්නලා ටේහ්‍යුන් හියුන් ආඩම්බරයෙන් කතා කළේ මගේ හිතේ තිබ්බ සතුට තවත් වැඩි කරලා. ඒ කියන්නෙ එයාලා හෙට උදේ වෙනකන්ම මෙහෙ ඉන්නවා.....

Weverse live(Sinhala Ff)حيث تعيش القصص. اكتشف الآن