Episode 5

235 43 1
                                    

මන් මටම හිතින් බැන ගත්තෙ බියර් වල මත් ගතියටත් එක්ක ලයිව් එහෙක ඉන්න බවත් අමතක කරලා ඕනවට වඩා සංවේදී වුණ හින්දා. ඇස් වල කඳුලු පාලනය කරගන්න අමාරුයි කියලා තේරුණ ගමන් මන් කළේ ටක් ගාලා ලයිව් එක end කරපු එක. මොකද දැක්කෙ නැති වුණාට මන් දන්නවා මම අඬනවා කියන්නෙ ආර්මිලත් මාත් එක්කම අඬනවා කියලා. මට ඕනි වුණේ එයාලා හැමදාම සතුටින් හිනාවෙලා ඉන්නවා දකින්න මිසක් කවදාවත් අඬනවා දකින්න නෙමෙයි. ඒත් මෙහෙම ලයිව් එක කිසිම අවසානයක් නැතුව ඉවර කරන්න බැරි නිසා ඇස් වල කඳුලුත් පිහදාගෙන හොඳ හුස්මක් අරන් සන්සුන් වෙලා මන් ආපහු ලයිව් ගියේ එයාලට සමුදීලා එන්න.

ගොඩක් ආර්මිලා මට අඬන්න එපා.... දුක් වෙන්න එපා... හිනාවෙලා සතුටින් ඉන්න.... හැමදාම එයාලා මන් වෙනුවෙන් ඉන්නවා වගේ මගේ හිත හදන්න ගොඩක් දේවල් comment කරද්දි මටත් ඕනි වුණේ එයාලට මන් හොඳින් කියලා පෙන්නන්න. එයාලා විශ්වාස කළත් නැතත් ඒකයි මන් ' මම හොඳින් ඉන්නවා' කියලා එයාලගෙන් සමු අරන් ලයිව් එක ඉක්මනට ඉවර කළේ.

ලයිව් එකත් එක්කම බියර් වීදුරුවත් හිස් වෙලා තිබ්බෙ හරියට මගේ හිත වගේ. පැය තුනකට ආසන්න කාලයක් ආර්මිලා එක්ක සතුටින් ගත කලාට ලයිව් එක ඉවර වෙනවත් එක්කම ආයෙත් මම මේ ගේ ඇතුළෙ තනි වුණා වගෙයි මට දැනුණෙ. ඒ හැඟීමත් එක්කම හිස් බියර් වීදුරුව ආයෙමත් පුරවගන්න හිතන් මන් සෝෆා එකෙන් නැඟිට්ටත් ෆෝන් එක රින්ස් යන සද්දෙට එහෙම්ම මම නැවතුණා. ලයිව් එකක් අස්සෙ අඬපු හින්දා කම්පැණි එකෙන්වත් කෝල් ගන්නවද කියලා හිත හිතා පුටුව උඩ දාලා තිබ්බ ජැකට් සාක්කුවට අත දාලා ෆෝන් එක ගනිද්දි ෆෝන් ස්ක්‍රීන් එකේ තිබ්බ නම දැක්කම මගේ මූණට හිනාවක් ආවෙ ඉඹේටමයි.

Weverse live(Sinhala Ff)Where stories live. Discover now