Episode 4

242 44 6
                                    


හැමදාම වගේ අදත් ලයිව් ඉද්දි මට වෙලාව යනවා දැනුණෙ නෑ. කාටහරි හිතෙන්න පුලුවන් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන කතා කරන එක හරිම කම්මැලි හිතෙන වැඩක් කියලා. ඒත් ඒ ස්ක්‍රීන් එක එහාපැත්තෙ ඉදන් මන් දිහා ආදරයෙන් බලන් ඉන්න ඇස් දහස් ගාණක් තියෙනවා කියලා මතක් වෙද්දි දවසින් දවස මන් මේකට ඇබ්බැහි වුණා මිසක් කවදාවත් මට මේක එපා වුණේ නෑ. මොකද ආර්මිලගෙ ආදරේට මන් හරිම ලෝභයි.... වෙලාවකට මට හිතෙනවා ඒ ආදරෙ නැති වුණොත් මන් ජීවත් වෙයිද කියලත්....

පැය දෙකකුත් ගියා ඒත් තාමත් මට ලයිව් එක නතර කරන්න හිතෙන්නෙම නෑ. රෑ වෙනකන් ආර්මිලා එක්ක කතා කරන එක දැන් මට පුරුද්දකට ගිහින්ද මන්දා.... කොහොමහරි සැරින් සැරේ ලයිව් එක end කරලා තුන් පාරකට මන් ලයිව් ආවා. හැබැයි අද පොඩි වෙනසකටත් එක්ක මන් මගේ ඇඳුම් මාරු කරන් තුන් පාරකට තුන් විදිහකට ලයිව් ආවෙ ආර්මිලට එකම විදිහට පේන මන් දිහා බලන් ඉන්නකොට දැනෙන කම්මැලිකම නැති කරන්න. මොකද මාව පොඩ්ඩක් හොට් විදිහට හැන්ඩ්සම්ව පෙන්නලා එයාලගෙ රොමෑන්ටික් comment වලට උත්තර දෙන වැඩේ තමයි මන් ආසම.

දන්නෙම නැතුව පැය තුනකට කිට්ටු වෙලා රෑ අට හමාරටත් ළඟයි. මන් ලයිව් එක end කරන්න හිතන් අන්තිම විනාඩි දෙක තුනේ එයාලගෙ comment කියෙව්වෙ ඒ ආදරය පිරුණු වචන වල තවත් ටික වෙලාවක් රැදෙන්න තිබ්බ වුවමනාවට. ඒත් එයාලා කියන වචනයක් වචනයක් ගානෙ ඕනවට වඩා ආදරේ දැනෙද්දි දන්නෙම නැතුව මගේ ඇස් වලට කඳුලු පිරුණෙ මන් එච්චර ආදරයක් ලබන්න සුදුසුද කියලා මන් මගෙන්ම ප්‍රශ්න කරන ගමන්. ඇත්තටම මන් එයාලා වෙනුවෙන් කළේ සිංදු කියපු එක විතරයි නේද.... ඒත් ඇයි එයාලා මට මේ තරම් ආදරේ.... කවදාවත් මන් හිතුවෙ නෑ ස්ක්‍රීන් එහෙක පේන අකුරු ටිකකට මාව අඬවන්න පුලුවන් වෙයි කියලා.... ඒත් ඒවා නිකන්ම නිකන් අකුරුවත් වචනවත් නෙමෙයි. ඒ අකුරු වලින් පෙන්නුවෙ ආර්මිලායි BTSලා අතරෙයි තියෙන බැඳීම. ඇත්තටම ඒක idolsලයි fanලයි අතරෙ තිබ්බ බැඳීමට වඩා එහා ගියපු දෙයක්. ඉතින් එච්චර ළඟින් ඉන්න ආර්මිලගෙ ආදරය මිලිටරි service එකට ගියාම මඟහැරෙයිදෝ කියලා පුංචි බයක් හිතට ආවෙ මගේ කඳුලුත් වැඩි කරලා.

"අයිශ්.... මොකද්ද මන් මේ කරන්නෙ."

Weverse live(Sinhala Ff)Onde histórias criam vida. Descubra agora