I can't do this 😩💔 (part 2)

106 33 14
                                    

"හොදයි ටේහියුන්..මන් තමයි අද ඉදන් ඔයාගේ ඩොක්ටර්..ඔයාගේ නම ගොඩක් දිග නිසා මන් ඔයාට ටේටේ කියන්නම්..."

"...."

"දැන් මේක හොදට අහගන්න.ඔයා මෙහෙ ඉන්න අයට පැනලා යන්න උදව් කරන එක ගොඩක් වැරදි වැඩක්.ඒ නිසා ආයේ ඒම කරන්න එපා."

"..."

"ඒ වගෙම ඔයා ඔයාගේ බෙහෙත් ගන්න උනන්දු උනොත් ඔයාට පුලුවන් ඉක්මනින් මේ හොස්පිට්ල් එකෙන් පිට වෙන්න.ඔයාට මෙහෙන් යන්න ඕනි කමක් නෑ කියලා මන් දන්නවා.ඒත් මේ හොස්පිට්ල් එකෙන් පිට ලස්සන ලෝකයක් තීනවා.."

"..."

"ඔයා දන්නවද ඒ ලෝකේ කටුක උනත් වෙලාවකට හරිම රසවත්..ඔයා ඉක්මනින් හොද උනොත් ඒ රසවත් ලෝකේ ජීවත් වෙන්න මන් ඔයාට උදව් වෙනවා.ඒක මගේ පොරොන්දුවක්.."

"..."

"මන් දන්නවා මන් කියවන දේවල් ඔයා අහම් ඉන්නේ කියලා.ඒ දේවල් ඔක්කොම ඔයාට නොතේරුනත් ඔයා බෙහෙත් බීලා ඉක්මනින් හොද වෙන්න ඕනි කියන එක ඔයාට තේරෙන්න ඇති කියලා මන් හිතනවා..දැන් දෙන්න බලන්න මට ඔයාගේ අත..."

ඩොක්ටර් ජින් එක්ක ටේ ගැන කතා කරලා විස්තර දැනගත්තු ජිමින් ටේගේ රූම් එකට ගිහින් ටේගේ handcafe අයින්කරලා අතේ
තිබුන සීරීම් වලට බෙහෙත් දාන ගමන් ටේ එක්ක කතා කලා..

එයාට ජින් කිව්ව විදිහටනම් ටේ කියන්නේ අවුරුදු 3ක් තිස්සේ මෙහේ ප්‍රතිකාරගන්න දැන් සුව වෙන්න ආසන්න රෝගියෙක්.ඒත් හොස්පිට්ල් එකෙන් පිටවෙන්න අකමැති ටේ එයාගේ බෙහෙත් ප්‍රතික්ෂේප කරලා හොස්පිට්ල් එක හැම නිතරම කලබලකාරී තැනක් කරලා සතුටක් ලබනවා..

ඒත් ටේට ඇත්තටම ඕනි උනේ එයා වගේ අසරන විදිහට ජීවිතේ ගෙවන අනික් ලෙඩ්ඩුන්ට පුන්චිම හරි සහනයක් දෙන්න කියන එක හොස්පිට්ල් එකේ කිසිම dr. කෙනෙක්ට තේරුම් ගියේ නෑ..

ටේටේ කියන්නේ මයින්ඩ් අවුට් ගිය කෙනෙක් උනත් එයා අනික් ලෙඩ්ඩුන්ට වඩා වෙනස්.

එයා හැමදේ ගැනම අවදානෙන් වැඩකරන අනික් අයට හොදින් සවන් දෙන ඒ උනත් බාහිර ලෝකෙන් ඈත් වෙලා තමන්ගෙම කියලා ලෝකෙක ජීවත් වෙන විනෝදකාමී මනුස්සයෙක්..

Vmin ff collection 💗Where stories live. Discover now