"හෙලෝ බබා...මොකද මේ අවේලාවේ මාව මතක් වෙලා...සුභ ආරංචියක්වත්ද..."
"සුභ...?! සුභ තමයි..අන්න ටේහී ක්ලාස් එකේ ලමයෙක්ව හපලා..ටේමින් ක්ලාස් එකේ නෑලු...ජීහූ ක්ලාස් එකේ නිදිලූ......"
"ඉස් මයිල් ඉන් පෙයින් දිගට හරහට...
මන් දැන්ම එයාලගෙ ස්කෝලෙට ගිහින් බලන්නම්..""ම්...ඒ ගමන්ම ඇවිත් මාවත් ගන්න..මගේ ඇගට හරි නෑ..."
"හරි හරි බබා..මන් එනකන් පරිස්සමෙන් ඉන්න..."
"ඔයත් පරිස්සමෙන්..."
කෝල් එක කට්කරපු මන් නලල පිරිමැද ගෙන යන්තන් හිනාවුනේ ජිමින්ගේ දෙමා පියන් ජිමින් නිසා විදපු අත්දැකීම් මායි ජිමිනියි ලමයි තුන්දෙනෙක් නිසා දැන් විදින නිසයි...
"අප්පා වගේ නැතෑ ලමයි ටිකත්...."
ජිමිනිගේ ඔම්මාගේ කටට මසුරන් දාන්න වටිනවා...
ජිමිනි දගවුනේ එයා ආස සබ්ජෙක්ට් එක කරන්න නොදීපූ හින්දා කියලා මන් හිතුවත් දැන් තේරෙනවා ඒක එහෙම නෙමෙයි කියලා..
මොකද අපි අපේ ලමයිව ඕනීවට වඩා කොටු කරලා නෙමෙයි හදන්නේ..
කොහොමත් ජිමින් එක්ක එයාලව එහෙම හදන්න බෑ..
එයා කැමති නෑ එයාගේ හිත රිදෙව්ව මතකයන් එයාගේ ලමයි අත්විදිනවට..
මාත් කැමති නෑ මගේ ලමයි හිරකාරයෝ විදිහට අපි ලග ඉන්නවට..
ඒත් ඉතින් දගවැඩවල ලිමිට් එකක් තීන්න ඕනී...
ජිමිනිට ස්කූල් එකේ මිස්ටර් පාර්ක් කියලා නම හැදුනට පොඩි අයට නම වැටුනේ පුංචි පාත්ත පැටව් කියලා..
ඒක අහපු මුල් දවස්වලනම් ජිමින්ගේ මූන ඇබුල් උනා..
දැන්නම් ගානක් නෑ...