My boy....😚💖 (part 5)

27 9 0
                                    

එයා මගේ ජීවිතේට ඇවිත් මාසයක් ගත වෙද්දි යුනි එකේ ෆයිනල් එක්සෑම් එකට හොදින් මුහුනදුන්න මම යාලුවෝ එක්ක දවස් කීපයක් විනෝද වෙලා ඉතිරි දවස් කීපය ජිමින් එක්ක රවුම් ගැවුවා..

අපි නගරෙන් නගරෙට ගමෙන් ගමට ඇවිද්දා..
අත් අල්ලන්...

අලුත බැදපු කුරුලු ජෝඩුවක් වගේ නොයෙක් දේවල් කියමින් හිනාවෙමින් විහිලු කරමින් දගකරමින්...

ජිමින්ගෙන් මගේ නලල කෙලවරට ලැබෙන හාදුවයි මූන පුරාම දිවෙන චූටී චූටී හාදුයි මගෙන් එයාගේ බෙල්ල මුලට ලැබෙන චූටි හාදුයි එයාගේ තුරුලේ තීන උනුහුමයි අපි සතුටින් ආදරෙන් විදගත්තු සතියක කාලයට පස්සේ මන් ආයෙම සෝල් ආවා තනියම...

මට මගේ ජීවිතේ ලිහාගන්න ප්‍රශ්න ගොඩක් තීනවා..මන් ඒවා ලිහාගන්නකන් මගේ ආදරේ පරිස්සම් වෙන්න ඕනී...

ඔව්...ආදරේ...අකුරු තුනේ සතුට සැනසීම පිරුනු වචනේ...

එයා හැම නිතරම ආදරෙයි කිව්වත් ආපිට ආදරෙයි නොකිව්ව මන් හිතේ හිරකරන් හිටි මේ ලෝකේ මන් විදපු ලස්සනම හැගීම...

ආදරේ...

මගේ ප්‍රශ්න ඔක්කොගෙම අවසානෙට මන් නිවෙන්න තෝරගත්ත හොදම නවාතැන්පල..

අංගසම්පූර්න මගේ ජීවිතේ මට අනුව තිබ්බ එකම හිස්තැන...

ඒ හිස්තැන වහන්න සුදුසුම කෙනා හම්බෙලා තීද්දි මන් හරි හරියට වැඩකරලා කම්පැනි එකේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම විසදලා ඒවට පිලියම් යොදලා අප්පව සතුටු කරලා මන් නිසා බිදිලා තිබ්බ ඒ හිත වගෙම පවුලේ අනික් අයගේ හිතුත් හදලා මගේ වටපිටාව සාමකාමී කරගත්තා..

ඉතින් මන් දැන් නිදහස්...

*අවුරුදු 23ක් පුරාවට පරිස්සම් කරගත්තු මේ හිත හරිම කෙනාට බාර දෙන්න කාලේ හරී...*

නම්සන් කුලුන ලග හිටන් ඒ දිහා හිනාවකින් බැලුව මන් ජිමින්ට කතාකලා..

තත්පරයක් යන්නත් කලින් මගේ අතැගිලි එක්ක ඒ අතැගිලි පැටලෙද්දි ආදරේ පිරුනු හිනාවකින් එයා දිහා බලපු මන් ඒ අත තදින් අල්ලගෙන නම්සන් කුලුනට ගියා...

අද වෙන කවරදාටත් වඩා සෙනගින් පිරුන මෙතනදි එයාගේ අත් තදින් මන් වටා එතිලා තීද්දි එයා එක්ක ටිකක් නිදහස් තැනකට ආව මන් එයාට තුරුලු වෙලා එයාගෙ බෙල්ල වටේ අත්පටලන් එයාගේ කනකට මගේ තොල් ලං කලා..

"ජිමිනි..."

"ම්..."

"මං ඔයාට ආදරෙයි..."

එයාගේ කනකට ආදරේ පිරිලා ඉතිරිලා යන වචන තුනක් මිමිනුව මන් ඒ කම්මුලෙන් අනික් කම්මුලෙන් වගෙම ඒ නලලෙනුත් හාදුවක් තවරලා අවසානෙට ඒ තොල් සිපගන්න පටන් ගත්තා..

Vmin ff collection 💗Where stories live. Discover now