My boy....😚💖 (part 7)

27 7 2
                                    

රැල්ල හෙමි හෙමින් වෙරලට ඇදිලා වෙරල සිපගෙන ආයේ යනවා වගේ එයත් මන් ලගට ඇවිත් මට ලස්සන මතක ගොඩක් දීලා යන එනකොට දවසක් ආවා රැල්ල වෙරලත් කැන්දන් මුහුදට යනවා වගේ ජිමිනිත් මාව කැන්දන් යන දවසක්...

අන්න ඒ දවස මගේ ජීවිතේ මන් ගෙවපු ලස්සනම දවස් අතර උඩින්ම වැජබෙද්දි ඉමක් කොනක් නොපෙනෙන මහමුහුද තුල රැදෙන වැලි වගේ ජිමින්ගේ නිමක් නැති ආදරේ අතර හරි පරිස්සමට මන් ජීවත් වුනා...

රැල්ල වෙරලට කරන ආදරේ ගැන මහමුහුද කතා කියද්දි අපි දෙන්නා තුන්දෙනෙක් වෙන්න යන බව සුරදූතයෙක් මට කිව්වා...

මගේ ජීවීතේ මට මුන ගැහුන පලවෙනි සහ අන්තිම සුරදූතයා...පාර්ක් ජිමින්...

ඔව් එයා කිව්වා මගේ සුටී බන්ඩියට චූටි පැටියෙක් ඇවිත් කියලා ඩොක්ටර් කිව්වා කියලා..

අපි මැරිකරලා මාස හයක් ගෙවෙද්දි අහන්න ලැබුන ඒ ආරංචිය මාව සතුටු සාගරේක ගිල්වද්දි මට මේ සතුට උරුමකරපු ඒ තනි තරුවට මන් හැමදාමත් ගොඩක් ස්තූතිවන්ත වුනා...

"මගෙ කොල්ලා...මන් ආදරෙයි..."

තරමක් ඉස්සරහට නෙරලා තීන බන්ඩියත් එක්ක ජිමිනිගේ උකුලේ ඉදන් ඒ බෙල්ල මුල මූන තියන් හිටි මට නින්ද යන්න ඔන්න මෙන්න තියලා ඒ වචන ඇහෙද්දි එයාගේ පුරුදු හාදුවත් මගේ නලල කෙලවරකින් තැවරුනා...

"දන්නවද...ආදරේ මහ පුදුම දෙයක්...කහයි කොලයි කියන්නේම මේ ලෝකේ තීන ලස්සන එකතුවක්...💫💚🙊💛💫"

                💖💖💖....End...💖💖💖

ආදරේ ගැන කියලා දුන්න මගේ ආදරනීය කොල්ලො හත්දෙනාට....
මට ආදරේ ගැන කියලා දුන්නෙම ඔයාලා...
ඒ ආදරේට මාත් ආදරෙයි මහ ගොඩක්...

Happy valentines...🥳

I LOVE YOU SOOO MUCH...
මගේනේ...😚💜💫
   
💗💗💗....forever love....💗💗💗

Vmin ff collection 💗Where stories live. Discover now