My boy....😚💖 (part 3)

29 9 2
                                    

*පොඩ්ඩක් ඉන්න...බෙල්ල වටේ..?!*

එකසැරේම කලබලෙන් මගේ ඇස් ඇරෙද්දි මන් දැක්කේ කලුවර වටපිටාවක්...

මේ මගේ රූම් එක...එතකොට..එතකොට...
එයාද මාව එක්ක ආවේ...

එයා මන් ඉන්න තැනත් දන්නවා...

මන් පැය කීයක් නිදාගෙනද...

එක එක සිතිවිලි වලින් මගේ හිත පිරිලා යද්දි මන් සයිඩ් ටේබල් එක උඩ තිබුන ෆෝන් එක අතට ගත්තා..

වෙලාව රෑ 8.00..

මන් හවස පහවෙද්දි හිටියේ යුනි එක ඉස්සරහා පාර්ක් එකේ...

දැන් මන් මෙතන..කිසිම කරදරයක් නැතිව...
වාව්...ඔයානම් විශිෂ්ටයි...

නමක් ගමක් නොදන්න මිහිපිට සුරදූතයාව මතකෙට එනවත් එක්ක මගේ මූන හිනාවකින් වැහෙද්දි ෆෝන් එක සද්ද වුනා..

"ගුඩ් මෝනිම් බේබී..ඔයා නැගිට්ටද..."

අනේහ්..මෙයා කොහොමෙයි දන්නේ...මන් ඇස් කරකවලා රූම් එක පුරාම බැලුවා..

ම්හු...එයා රූම් එක ඇතුලේ නෑ...

"ගුඩ් මෝනිම්...ඔයාද මාව රූම් එකෙන් ගෙනත් තිබ්බේ..."

"ඔව්..බේබිට මගේ තුරුලේ හොදට නින්ද ගියානේ..."

"හනේව්..."

"ම්.."

"ඔයා හරිම ශෝයී...මට ආස හිතෙනවා.."

"හොදයිනේ..මන් කොහොමත් අයිති ඔයාටනේ.."

"ඇත්තටම??"

"ඔව් ඇත්තටම..."

"ඔයා මන් ගැන දන්නවද..."

"ඔව්.."

"සම්පූර්නයෙන්ම..."

"ඔව්.."

"ඉතින් එහෙනම්.."

"මන් ඔයාට ආදරේයි.."

"ඒත්..."

"ඒත් නෙමෙයි..මන් ආදරෙයි..එච්චරයි..."

"එච්චරමද..."

"නෑ..."

"එහෙනම්.."

"මන් හැමදාමත් ඔයා ලගින් ඉන්නවා.."

"කෝ.."

"ම්හ්?"

"කෝ මන් ලග නෑනේ ඔයා.."

කටත් හදහද මන් මැසේජ් එක ටයිප් කරලා සෙන්ඩ් කරලා මිනිත්තුවක් යන්නත් කලින් මට රිප්ලයි එකක් ආවා...

"එහා පැත්ත බලන්න මැනික..."

"හෑ..."

මැසේජ් එක කියෙව්ව පමාවට ඇදේ අනික් පැත්ත බලපු මන් පපුවට අතක් තියන් පිටිපස්සට වෙද්දි මගේ මූනට එබිලා හිටි එයා ඉක්මනින් මගේ ඉනවටේ අතයවලා මාව ඇදෙන් නොවැටෙන විදිහට අල්ලගත්තා...

මගෙ හදවත...ඒක...ඒක ගොඩක් වේගෙන් ගැහෙනවා...

එයා එයා....

"ඔයා හැමදාමත් අහසේ තනිවුන තරුවක් දිහා බලන් ප්‍රාර්තනා කලා නේද...ඔයාගෙම ඔයාටම කියලා කෙනෙක්..ඔයා වෙනුවෙන් ඉන්න ඔයාව ආදරෙන් පුරවන ඔයාව රැක බලාගන්න ගොඩක් ආදරනීය කඩවසම් කෙනෙක්ව ඕනී කියලා...ඔයාගේ ඒ පැතුම
ඉෂ්ට කරන්න එන්න මට කල් ගියා.ඒත් දැන් මන් ඔයා ලග..ඔයාට අවශ්‍ය ඕනිම වෙලාවක"

මගේ ඇස් දිහාම බලන් විශ්වාස වන්ත හඩකින් කිව්ව එයා පරිස්සමට මාව එයා ලගට ගත්තා..

Vmin ff collection 💗Where stories live. Discover now