My boy....😚💖 (part 4)

25 9 0
                                    

"ඔහොම හිටියට කමක් නෑ සුදූ..ඒත් නිදාගන්න ඔට්ටු නෑ...."

මගේ පිට පිරිමදිනගමන් ගොඩක් ආදරෙන් එහෙම කිව්ව එයා මාව එයාගේ පපුවට ගුලි කරගත්තේ මාත් හරි ලෝභකමින් ඒ උනුහුමට ගුලිවෙද්දී...

මෙහෙම ආදරයක් හෙව්ව තමයි...ඒත් හිතුවේ නෑ මට ලැබෙයි කියලා...

නොදන්නා රටක පාලුවෙන් තනිකමෙන් හිටි මන් හැමවෙලේම හිනාවෙලා හිටියත් මගේ හිත ඇතුලේ ගොඩ ගැහිලා තිබුන ටොන් ගානක බර ටිකෙන් ටික හෑල්ලු වෙලා යද්දි මට ඇහැ පියවෙන්න ගියත් එයා ඒකට මට ඉඩ දුන්නේ නෑ...

"රෑට කාලා නිදාගමු..."

නිදාගන්න එක දේවකාරිය කරන් කන වෙලාවට බඩපැලෙන්න කෑව මාව පුලුන් රොදක් වගේ සැහැල්ලුවෙන් උස්සගත්ත එයා ඇදෙන් බැහැලා මගේ පුන්චි ඇනෙක්ස් එකේ කිචන් එකට ගියා...

වෙන කවරදාටත් වඩා සතුටින් සැනසීමෙන් රෑට කාලා පුන්චි පුන්චි හාදු ගොඩක් එක්ක එයාගේ තුරුලෙම නිදාගත්තු මන් පහුවදාටත් ඒ තුරුලේ ඉදන් අවදිවෙද්දි මට දැනුන සතුට මෙච්චරයි කියන්න වචන නෑ...

එදා ඉදන් ගෙවුන හැම උදයකම මන් එයාගේ තුරුලේ ඉදන් අවදි වෙද්දි සතුටු හිතින් පටන් ගන්න මුලු දවසම සතුටින් සැහැල්ලුවෙන් මන් ගතකරද්දි කාලෙත් හරි ඉක්මනින් ගෙවිලා ගියා..

මගේ ජීවිතේට සතුට අරන් ආව එයා ජිමින්...

පාර්ක් ජිමින්...එයා මනුස්සයෙක්ද..පිටසක්වල ජීවියෙක්ද නැත්තන් වෙනමම කෙනෙක්ද කියන්න මන් දන්නේ නෑ....

මොකද ඒ දේවල් දැන ගන්නවට වඩා මට ආදරේ දීලා මාව පරිස්සම් කරන ඒ ආදරනීය හදවත මන් ලගින්ම මාත් එක්ක ඉන්න එක මට වටිනවා..

පුන්චි කුරුලු පැටියෙක් වගේ හිතේ හැටියට කියවන්න ඒ දේවල් හිනාවකින් අහන් ඉදලා මගෙ කම්මුල් මිරිකලා පුන්චි පුන්චි හාදු දෙන්න මට මගේම කියලා කෙනෙක් ඉන්නවා.

මන් මොකක් හරි දග වැඩක් කලාම පිස්සු කොල්ලා..මගේනේ...කියලා මගෙ කොන්ඩේ අවුල් කරන එයාම ඊලගට මාව තුරුලු කරන් ඒ චූටි ඇගිලිවලින් මගේ කොන්ඩේ පිලිවෙලට හදද්දි ඇත්තමයි මට දැනෙන හැගීම පිස්සුවක්

මගේ...මගේනේ..කියන වචන මේ හිතට ගෙන්නේ පුදුමාකර හැගීමක්..මන් ඒ හැගීමට ගොඩ ගොඩක් ආදරෙයි..

මට අයිතිය කියන්න තරම් ඒ හිතට මාව දැනෙන එක...මන් කියන්නේ අපේ හදවතට දැනෙන විදිහට අයිතිය කියන එක...

එයා දවසින් දවස දවසින් දවස මගේ හදවතට ලංවෙද්දි මගේ හදවත මුලුමනින්ම එයාට අයිතිවෙලා ගියේ මටත් නොදැනිමයි...

Vmin ff collection 💗Where stories live. Discover now