Chapter 13❤️

751 60 13
                                    

සිසිල් සුළං රැලි ගලා යමින් තිබුනු තැඹිලි පාට හැන්දෑවේ ජන්ග්කුක් හිටියේ එයාට ආරක්ෂිතයි කියලා දැනුන එකම තැන..
ඔව් ඒ ටේහ්‍යුන්ග් ලග..

කියන්න තවත් මොකක්ද තියෙනවයි කියලා ජන්ග්කුක් වත් එක්කන් ටේහ්‍යුන්ග් මේ පාර්ක් ඇවිත් දැන් පැයක් විතර ගෙවුනත් තාමත් ජන්ග්කුක්ට කියන්න තියෙන දේ ටේහ්‍යුන්ග් කියලා තිබුනේ නෑ..

ජන්ග්කුක්නුත් ඒ ගැන බල කරලම අහන්න මහන්සි ගන්නේ නැතුව වටපිටාවේ තියෙන සුන්දරත්වය එක්ක  කාර්යබහුල උනා..
ඉතින් එයාලා මේ ඉන්නේ ජන්ග්කුක් ට අනුව සෝල් වල තියෙන ලස්සනම පාර්ක් එක ඇතුලේ
මුල් කාලේ නම් පුංචි ලමයි පාර්ක් එක පුරාම දුවලා පැනලා දගලනවා දකින එක සාමාන්‍ය දෙයක් උනත් අද වෙනකොට තත්වය ගොඩාක් වෙනස් වෙලා තිබුනා.
ඒකට එකම හේතුව උනෙ පාර්ක් එක අයිනේ තියෙන ගස් වලින් වට වෙලා තියෙන ගංගාවක ආකෘතියට හදලා තිබුන විශාල පොකුනයි.
පුංචි ලමයිට අනාරක්ෂිත තැනක් නිසා දෙමව්පියන් එයාලව අරන් එක නැවැත්තුවත් පෙම්වතුන්ට නම් මෙතන නවාතැනක් වෙලා තිබුනේ ..

ජන්ග්කුක් හතර අතට කැරකි කැරකි මල් ගස් අල්ල අල්ල  ටේහ්‍යුන්ග් පස්සෙන්ම ඇවිදන් ගියා.. හැබැයි ඉතින් ජන්ග්කුක් ගේ හිතේ බයක් නොතිබ්බාම නෙවේ..
කොලේජ් එකේ කවුරු හරි දැක්කොත් ඉතින් ඉවරයිනේ.. මින්හෝ එක්ක ටේහ්‍යුන්ග් රන්ඩු වෙලා ජන්ග්කුක් ව බේර ගත්ත දා ඉදන් අද වෙනකම් ජන්ග්කුක් ට රැවීම් එරවීම් වලින් අඩුවක් නම් තිබ්බෙම නෑ..

විනාඩි ගානක් ඔහේ ගෙවිලා ගියාට පස්සේ
මෙච්චර වෙලා තිබ්බ නිහඩ බව බිදිමින් ටේහ්‍යුන්ග් එයාගේ හඩ අවදි කලා

🐯:ජන්කුකී අර හරියට යන්ද..

කැලෑවක් වගේ වැවිලා තියෙන රූස්ස ගස් තියෙන දිහාවට අත දික් කරමින් ටේහ්‍යුන්ග් ඇහුවා..

🐰: ඕහ් එතනින් එහා පැත්තේ තියෙන්නේ පොකුන නේද.. අනේ අහන්නත් දෙයක්ද හියුන්, අපි යන්කෝ

ජන්ග්කුක් පොඩි එකෙක් වගේ ටේහ්‍යුන්ග් ගේ අතේ එල්ලෙමින් කෑ ගැහුවා

🐯: ඔයා ගොඩාක් වෙනස් වෙලානේ

ටේහ්‍යුන්ග් කිව්වේ බොරුවක් නෙවේ, ජන්ග්කුක් වෙනස් වෙලා.. ටිකක් නෙමෙයි ගොඩාක්..
ටේහ්‍යුන්ග් නැති දවස් ටිකේම අඩ අඩ හිටියත් දැන් ටේහ්‍යුන්ග් එයා ලග ආයෙම ඉන්නවනේ..
ඉතින් ආය අඩන්න ඕන නැති වෙයි.. ජන්ග්කුක් එහෙම හිතුවා..අපිත් හිතමු එහෙම වේවී කියලා..

YOU MUST BE MINE (Taekook  🔞)Donde viven las historias. Descúbrelo ahora