chapter 10

6 3 0
                                    

මන් ආයෙ නැගිටිනකොට මන් හිටියෙ  පොකුන අයිනෙ. මන් වතුරට වැටුනට මගෙ ඇදුම් නෙමිලා තිබුනෙ .හොදටම රෑවෙලා තිබ්බ නිසා වෙන්න ඇති  මගෙ නම කියලා කට්ටිය මාව හොයමින් හිටියා .මන් මල් ගාර්ඩ්න් එකෙන් එලියට එද්දිම මිසිස් ලෝරා බ්ලෑන්ක් (සිහිනගේ අම්මා )හිටියා ..මට එයාට අම්මා කියන්නත් අප්පිරියයි .

"දුව .ඔයා කොහෙද හිටියේ .ඇයි එතකොට ගියේ "
"ඇයි එතන මන් දකින්න හොද නැති දේවල් සිද්ද උනා ද "

කිසිම දෙයක් නොකියා එයා මගෙ අතින් ඇදන් ගියා.

"එහේ මේහේ ඇවිදින්න එපා .ඔයාගෙ තැන ඉන්න .නැත්නම් අතරමන් වෙයි .මේක ලොකු ඉඩමක් නෙ"

ඒක අනතුරු ඇගවීමක් මට තේරුනා. සිහින කවදාවත් ලෝරා එයාගෙන් ඈත් කරන්නෙ  නෑ  .ඒවගෙ සිහින ලියලා තිබ්බා එයා එයාගෙ අම්මා ගැන හරියට ම දැනගත්තා කියලා  .

ඒ කියන්නෙ මෙ සිද්දිය සිහින දැන ගන්න ඇති .ඒකයි හැමෝගෙන්ම වෙන් වෙලා ලංකාවට ආවෙ .මේ කොහේ හරි ඔයා ඉන්නවා ඇති නේද සිහින . මන් දිග හුස්මක් ගත්තා කොයි ලෝකෙන් හරි සිහිනව හොයා ගන්න ඕනි . මන් සිතියම බලද්දි   බිම් මහලක් තියෙන බව දැක්කා .කොහොම හරි බිම් මහලට යන්න තියෙන දොර හෝයා ගන්න ඕන.
මේ හැම සැකයක්  ම පටන් ගත්තේ පුස්තකාලෙ  තිබ්බ ඒ කාමරෙන් .

රාත්‍ර්‍රී 11.00 🕙

හෙට පුර හද පායන දවස .ඒ කියන්නෙ තව පැයයි .කරන්ට් නැති නිසා මට ටිකක් බයයි .හැමෝම නිදා ගත්තාම මන් ඒ කාමරයට ලගට ගියා .දොර වහලා තිබ්බත් ඉබ්බ දාලා තිබ්බෙ නැති නිසා මන් දොර බාගෙට ඇරන් ගියා . මන්  ෆෝන් එකේ ටෝච් එක ගහගෙන ආයේ ආයෙ ඒ බිත්ති දිහා බැලුවා .අර කුරුසය වටේට බිත්තිය හීරිලා තිබුනා .ඒ හින්දා මන් ඒ කුරසය එක වටයක් කැරකුවා.අගුලක් ඇරෙන සද්දේ ඇහුන නිසා මන් අයෙත් කැරකුවා ඒ බිත්තිය දොරක් වගෙ ඇරුනේ   බිම් මහලට යන්න පඩිපෙලක් එක්ක

The wolf curse  ( Soya Emi 02 )Where stories live. Discover now