01

412 64 4
                                    

උසස් පෙළින් පසුව නිවාඩු කාලයේ පළමු සතියේ අග වද්දීම පෙහාන්ගේ සාමාන්‍ය පෙළ මිතුරන්ගේ වට්ස්ඇප් සමූහය අධි ක්‍රියාකාරී බවට පත්විය. තප්පරයක් පාසා සමූහය කෙටි පණිවිඩ, වීඩියෝ පට හා විවිධ පින්තූර වලින් පිරී යද්දී ඔවුන්ට නැවතත් මුහුණට මුහුණ හමුවීමේ ආශාවක් ඇති විය. 

සාමාන්‍ය පෙළින් පසුව මිතුරන් කණ්ඩායම සිටියේ තැනින් තැන විසිරය. පෙහාන් පාසල ගමන නතර කර උසස් පෙළ පාසලින් පිට කළේ බාහිර උපාධියක්ද සමගිනි. ජයනි සහ රෂ්මි දෙදෙනාම විදෙස්ගත වූයේ වැඩිදුර අධ්‍යාපනය සඳහාය. නිහින්, සයුරි, කසුනි සහ පාසල් මාරු කළ අතර අවසානයේ සාමාන්‍ය පෙළ මිතුරන්ගෙන් පාසලේ ඉතුරු වූයේ නිපුනි, දෙනෙත්, අනුත්මි හා සහන් පමණකි.

මෙම හදිසි හමුවීමට ඇති වූ ආශාවේ ප්‍රතිඵලයක් වශයෙන් මිතුරන් දස දෙනා නැවතත් හමුවීමට සහ සතියක් පමණ නිවසින් පිටත ගත කිරීමට කටයුතු යොදාගත්හ. එහි මූලිකත්වය ‌ගත්තේ පෙහාන්ය. පෙහාන් තම ඥාතීන් හා අඳුරන සියල්ලන් සමගින් කතාබස් කර සතියක් ඔවුන් දසදෙනාට නතර වීම උදෙසා නුවර එළි‌ය බංගලාවක් සූදානම් කරගත්හ. 

නුවර එළි ගමන ගැන සියල්ලන් සතුටින් වට්ස්ඇප් සමූහය පුරාවට උද්යෝගීව සිටියදී සමූහයේ නිහඬවම සියල්ල බලා සිටි චරිතයක්ද විය. ඒ පිළිබඳව කිසිවෙකුටත් අවධානය යොමු නොවූයේ අදාළ තැනැත්තා උසස් පෙළින් පසුව ජපන් භාෂාව ඉගෙන ගැනීමට ඉක්මනින් යොමුව ඇති බව ඔවුන් දැන සිටි බැවිනි. ඊට පසුපසින් තිබූ වෙනත් හේතුවක් පිළිබඳව කිසිවෙකුත් කිසි විටකත් අවධානය යොමු නොකළහ.

ගමනට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් පිළිබඳ කතා කිරීමට ඔවුන් ගත් දුරකථන ඇමතුම කෑ කෝ හඬින් පිරී තිබුණ මුත් පෙහාන් සියල්ල සමථයකට පත් කරන්නට සමත් විය.

"මෙහෙමයි දැන් වෙන්නේ. මම අපිට උදේ හයේ කෝච්චි ටිකට් දහයක් ගන්නම්. කාටවත් ෆස්ට් ක්ලාස් ඕන නෑනේ. ඉතින් මම සෙකන්ඩ් ක්ලාස් එකෙන් ටිකට් ටිකක් ගන්නම්. අපිට එහෙ ගිහින් තැන් තැන් වල යන්න කාර් දෙකක් හම්බෙනවා කිව්වා බංගලාවෙන්. ඒක ගැන අපේ නැන්දා බලා ගනියි. කන බොන දේවල් ටිකත් අපිට කැමති විදිහට හදාගන්න පුළුවන්. කෙල්ලෝ ටිකට උයන්න බැරිවුණත් නිහින්ට නම් උයන්න පුළුවන්නේ... ඒක නිසා ඒක ගැන වදවෙන්න ඕනත් නෑ." 

"එක්ස් කියුස් මී." එක් වරම පෙහාන්ගේ කතාවට බාධා කරමින් සයුරිගේ මයික්‍රෝෆෝනය ක්‍රියාත්මක විය. "මට ටිකට් එකක් ගන්න එපා කෝච්චියට... මම ඊට පස්සේ තියෙන දහයේ එකට එන්නම්. ට්‍රිප් එක යන්න තියෙන දවසේ උදේ මට ‌‌වෙටනරි එක්සෑම් ඇප්ලිකේෂන් ගන්න තියෙනවා. ඒක නිසා මම දහයට එන්නම්." 

"ඔයා නැතුව අපි කොහොමද ෆන් එකක් ගන්නේ අප්පා.." ඒ කටහඬ හා චෝදනාව පැමිණියේ කසුනිගෙන්ය. 

"මම නෑවිත් ඉන්නවට වඩා හොඳයිනේ ‌පැය හතරක් පරක්කු වෙලා හරි එන එක." සයුරිගේ ඒ හේතු දැක්වීමෙන් සියල්ලන් නිහඬ වූ අතර ඒත් සමගින් බොප් ශබ්දයක් සමගින් ඇය ඇමතුමෙන් ඉවත් වූවාය.

සියල්ලන් අතර මොහොතක නිහඬතාවයක් පැවතිනි. 

"එයා වෙනස් වෙලා." දෙනෙත් මොහොතකට පසු කීවේය.

"අනේ මන්දා. ‌‌එයාට කොහොමත් මාස දෙක තුනකට සැරයක් අමුතු ට්‍රැකක් පනිනවනේ. ඔය ඇත්තේ ට්‍රැක් පැනපු වෙලාවක වෙන්න ඇති." කසුනි පවසා සිටියාය.

"හ්ම්ම්..." 

එතැනින් ඔවුන්ගේ දුරකථන ඇමතුම අවසාන විය. නුවර එළිය බලා යෑමට දින තුනක් පමණ තිබියදී සයුරි සමූහයේ කෙටි පණිවිඩ කියවීම සම්පූර්ණයෙන් නතර කර දමා තිබුණු අතර ඇගේ දුරකථනය අමතද්දී පවා ඇය පිළිතුරක් දුන්නේද නැත. 

ඇය ගමනට පැමිණෙත්වා යැයි සිතෙන් ප්‍රාර්ථනා කරනා අතරතුරේම සැප්තැම්බර් අටවන දින මිතුරන් දසදෙනාගෙන් නවදෙනෙකු නුවර එළිය බලා පිටත් වූහ. 



________

පාරාදීසය

2023. 07. 08


අවංකවම මට අද අප්ඩේට් කරන්න එකක් හිතාගන්න බැරි වුණ නිසා මම නිකන් ස්පින් ද වීල් කළා. මේක ලියන්න කියලා ආපු නිසා ඔන්න මේක දැම්මා! 

 මේක ලියන්න කියලා ආපු නිසා ඔන්න මේක දැම්මා! 

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පාරාදීසය [gxb] | completedWhere stories live. Discover now