04

166 45 27
                                    

"උඹට මොකටද මිස් එන්න කිව්වේ?" පෙහාන් සයුරිගෙන් විමසුවේ ඔවුන් එකොළහා ‌ශ්‍රේණියට පැමිණි පළමු දිනයේම සයුරිට පන්ති භාර ගුරුතුමියගෙන් කැඳවීමක් ලැබුණු නිසාය.

"නිකන්." සයුරි විහිළුවට මෙන් පිළිතුරු දුන්නාය.

"සිරාවට?" පෙහාන් ආපස්සට විමසා සිටි විට සයුරි දෑස් කැරකැවූවාය.

"මට නිහින් එක්ක තියෙන සම්බන්ධේ මොකක්ද ඇහුවා. අපි දෙන්නා යාළුවෙලාද ඇහුවා." ඇය කිසිවක් ගණනකට නොගෙන ඉතා සරල ලෙස කියද්දි පෙහාන්ගේ බැමක් ඉස්සිණි.

"ඉතින්?"

සයුරි ගැස්සුවාය. "ඉතින් මම කිව්වා නෑ කියලා. ඇත්තටම මුකුත් නෑනේ. මිස් කිව්වා දෙන්නටම හොඳට ඉගෙන ගන්න පුළුවන් නිසා නාස්ති නොවී තියන්න ඕන නිසයි ඇහුවේ කියලා කිව්වා. මම ඉතින් හිනාවෙලා ආවා එන්න. මම මොකටම පන්තියේ පළවෙනියා වෙච්ච නිහින්ව නාස්ති කරලා දාන්නේ?" 

"උඹ ඌත් එක්ක ඉන්න විදිහට නම් හිතෙන්නේ යාළුවෙලා නෙවෙයි බැඳලා කියලා. කොයි වෙලේ බැලුවත් උගේ කරේ එල්ලිලානේ ඉන්නේ." පෙහාන් විමිසිලිමත් හඬකින් කියද්දී සයුරි විරිත්තුවාය.

"නිහින් එපා කිව්වේ නෑනේ. ඒක නිසා කමක් නෑ." 

පෙහාන් සුසුමක් හෙළා එතැනින් ඉවත්ව ගියේ විවේක කාලයේදී ඔහුට ජයනිව මුණ ගැසීමට දැඩි අවශ්‍යතාවයක් තිබූ නිසාය.

පෙහාන් ජයනිගේ පන්තියේ හිඳගෙන ජයනි හා කතා බස් කරමින් සිටියදී  ආපනශාලාවේ සිට පැමිණි රෂ්මි ඔවුන්ට බාධා කළාය. 

"මේ බං නිහින් සයුරිට කැමතිද බං. මම ඔයාලගේ පන්තිය පහු කරද්දි සයුරි නිහිගේ බත් එක කනවා. නිහින් ඔහේ බලාගෙන ඉන්නවා. පිස්සුද බං උට සයුරි නිසා ඔහොම ඉන්න?" 

"මට නම් තේරෙන්නේ නෑ. නිහින් කතා කරන්නේ නෑ ඕවා ගැන. සයුරි‌ගෙන් මොනවා හරි ‌ඇහුවොත් පිස්සු කෙළිනවා. ඉතින් උන් දෙන්නා ගැන හොයලා අපිට දැනගන්න පුළුවන් දෙයක් නෑ. සෙට් වෙලා නෑ කියලා නම් ෂුවර්.. අනේ මන්දා බං." පෙහාන් විස්තර කරද්දී රෂ්මි තමා අත වූ කිරි පැකට්ටුව ජයනිට මාරු කළාය.

පාරාදීසය [gxb] | completedWhere stories live. Discover now