03

178 50 10
                                    

"වාහන දෙකක් තියෙනවා. අපි දහයක් ඉන්නවා." පෙහාන් විස්තර කළේ මෝටර් රථ දෙකේ යතුරු කැරළි දෙකද අතට ගෙනයි. "මටයි දෙනෙත්ටයි ඩ්‍රයිව් කරන්න පුළුවන්නේ. මම යන වාහනේ ජයනි අනිවාර්යෙන් යනවා. දෙනෙත් යනවා කියන්නේ ඒකේ නිපුනි යනවා. අනික් කට්ටිය කැමති විදිහකට බෙදෙන්න."

"මමයි සහනුයි දෙන්නා යනවා කසුනි යන එකේ." අනුත්මි කීවේ කසුනිගේ අතකින් අල්ලා ගනිමිනි. 

"ඒ කියන්නේ අනික් වාහනේ යන්නේ මමයි සයුරියි නිහිනුයි?" රෂ්මි විමසුවේ කසුනි දෙසට හොර බැල්මක් හෙළමිනි. 

"මම යන්නේ නෑ ඒ වාහනේ." සයුරි දෑත් බැඳගත්තාය. 

පෙහාන් ඇය දෙස රවා බැලීය. "ඒ මොකද? මොනවා වෙලාද මේ?" 

"මට බඩගිනි නෑ. ඔයාලා ගිහින් කාලා එන්න. මම ඉන්නම් ගෙදරට වෙලා." සයුරි පෙහාන්ගේ මෙන්ම සියල්ලන්ගේම බැල්මවල් මග හරිමින් අනෙක් පස බලාගත්තාය.

"මාත් ඉන්නවා එහෙනම්." ඒ නිහින්ගේ හඬයි. 

"එහෙනම් මම යනවා." සයුරි ඔහුට හරස් කැපුවාය.

නිහින් යමක් කීමට මුව විවර කළත් ඔහු කිසිවක් නොකියාම නිහඬ විය. අවසානයේ ගැටළුව විසඳීමට ඉදිරිපත් වූයේ අනුත්මිය. 

"හරි එහෙනම්.. මම සහන්, පෙහාන්, ජයනි යන වාහනේ සයුරි යමු. කසුනි යන්න දෙනෙත්ලා යන එකේ. එතකොට නිහින් ඒකේ ගියහම දෙන්නටම හරිනේ." 

"මට නම් හරි නෑ හැබැයි." නිහින් තමාටම මතුරා ගත්තේය. 

රෂ්මි ඔහුගේ අතක් මිරිකා ඔහුට නිහඬවන ලෙස සන් කරද්දී අනෙක් පිරිස ගොස් ඔවුන් කතිකා කරගත් පරිදි වාහන වලට නැග ගත්හ.

"මිනී මරාගන්න තරහක් කොහොමද ආවේ?" කසුනි මගකදී නිහින්ගෙන් විමසා සිටියාය.

"ම්ම්.." නිහින් ජනේලයෙන් පිටත බලද්දී කසුනි ඔහු දෙස බලා සිටියේ සැක සහිතවයි.

කසුනි රෂ්මිට අතකින් ඇන්නාය. "මතකද ඒ දවස්වල.. අපිට සයුරිගෙන් කනක් ඇහිලා ඉන්න නෑ. නිහින් මෙහෙම කළා. අරම කළා.. නිහින්ගේ ලස්සන, අර බලන්න නිහින්.. මේ බලන්න නිහින්.." 

රෂ්මිට සිනහවක් පහළ විය. "අම්මෝ ඔව්. හිටපු ගමන් මට රෑ දොළහට විතර මැසේජ් දානවා 'ඒ බං මට නිහින්ව ගෙනත් දීපියව්' කියලා. වැඩකට කෝල් එකක් ගත්තත් බාගයක් එයා කියවන්නේ නිහින් ගැන. මටත් ආතල් ඉතින් ඒවා අහන් ඉන්න එක.." 

පාරාදීසය [gxb] | completedNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ