09

231 59 53
                                    

"රෑ හොඳ අඩව්වක් අල්ලලා වගෙයි." කසුනි උණුසුම් කිරි කෝප්පය පානය කරමින් කෑම මේසය දෙස බැලීය. 

කෑම මේසයේ දෙදෙනෙකු හැර සියල්ලන් ප්‍රාණවත්ව අනුභව කරමින් සිටි අතර දෙදෙනෙකු පමණක් මේසය මත හිස තබාගෙන නින්දට වැටී සිටියහ.

"මටත් බාගෙට නිදිමතයි." රෂ්මි කීවේ ඈනුමක් පිට කරමිනි.

"ගොන් ගෑනි වගේ කපුකම් කරන්න ගියාද මහ රෑ?" පෙහාන් ජයනි ජෑම් තැවරූ පාන් පෙත්තක් සපයමින් ඇයට රවා බැලුවාය.

"මම මුකුත් කළේ නෑ. මම අහිංසකයි." රෂ්මි කීවේ තමාගේ අවිහිංසකභාවය විදහා දක්වන්නට ‌මෙනි.

"අනේ උඹේ අහිංසකකම.." අනුත්මි ඇද කර සිටියාය.  "ඒක නෙවෙයි.. ආතල් එකටත් එක්ක නිදි බබාලා දෙන්නව දාලා අපි යමුද ගිහින් එළියේ ඇවිදින්න. තියෙන ප්‍රශ්න විසඳගෙන තියෙයිනේ අපි ඇවිදලා එද්දි."

"අම්මෝ ඔව්. එක්කෝ මරාගෙන ඉඳියි. නැත්තම් ළමයි හදලා තියෙයි. උන් දෙන්නව එකට තිබ්බම කොහොම කළත් යන්නේ අපේ බෙල්ල තමයි." කසුනි පිළිතුරු දුන්නේ නිදාසිටි සයුරිගේ ස්වේටරයේ කර මදක් ඉහළට කරමිනි.

සයුරිගේ බෙල්ල මත වූ රතු පැහැ පැල්ලම ඇය දුටුවද ඇයට එය අන් අය දකිනා ආකාරය දැකීමට උවමනා නොවීය.

"‌ළමයි හැදුවොත් හොඳයි ඉතින්. අපේ මිස් කෙනෙකුත් මේ දෙන්නා එකට අස්වීමේ සහතික අරන් යද්දි කිව්වේ දවසක ලෝකෙට වැඩක් ඇති ළමයි හදන ළමයි දෙන්නෙක් කියලා." සහන් මැදකින් පැන විහිළු කරද්දි මේසයේ සිටි බොහෝ දෙනා තමාගේ සිනහවන් උගුර තුළම සිරකර ගත්හ.

මද වේලාවකට පසු බංගලාවේ සිටියේ නිහින් සහ සයුරි පමණකි. ඔවුන් දෙදෙනා තවමත් මේසය මත හිස තබාගෙන නින්දේ සිටි අතර අන් සියල්ලන් නුවර එළියේ තිබූ තේ වත්තක් බැලීම සඳහා පිටත්ව ගොස් තිබිණි.

සයුරි අවදි වූයේ ඔවුන් පිටවගොස් පැයකට පමණ පසුවයි. ඊට විනාඩි පහකට පසුව නිහින් අවදි වද්දී ඇය තමාගේ හෙඩ්ෆෝනය සවි කරගෙන ගීතයකට සවන් දෙමින් සෝෆාව මත ගුලි වී සිටියාය.

"කට්ටිය අපිව දාලා ගිහින් නේද?" නිහින් සිත තුළ ඇති සතුට සඟවාගෙන ඇගේ එහා පසින් පැන හිඳගත්තේය.

පාරාදීසය [gxb] | completedWhere stories live. Discover now