02

200 55 5
                                    

ඔවුන් නුවර එළියට පැමිණ බංගලාවේ ඔවුන්ගේ බඩු බාහිරාදිය තැන්පත් කර තැන් තැන් වල වැතිරී සිටියේ වෙහෙස නිවා ගැනීමේ අරමුණින් යුතුවය. ඔවුන්ට පැය හතරකට පසුව පැමිණීමට නියමිතව තිබූ කෝච්චියෙන් පැමිණෙනවා යැයි කියූ සයුරි ඔවුන්ගේ පැමිණීමෙන් පැය හතරකට පසුවද නොපැමිණි අතර සියල්ලන්ටම වඩා කලබලව සිටියේ නිහින්ය.

"ඇයි එයා නැත්තේ? දැන් වෙලාව හයයි. දහයේ කෝච්චියේ ආවත් අඩුම පහමාරට මෙතනට එනවා." නිහින් පෙහාන්ගේ මුහුණට දුරකථනය දිගු කරද්දී පෙහාන් තමාගේ අත ජයනිගේ ඉණෙන් ඉවත් කරගත්තේය.

"කෝල් කළාට ආන්සර් කරන්නෙත් නෑ. එන ගමන් වෙන්න ඇති." පෙහාන්ගේ පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ නිහින් තමාගේ ස්වේටරය පටලවා ගෙන බංගලාවේ පිටත තිබූ පුටුවක හිඳගෙන මිදුල දෙස බලා සිටින්නට විය.

"ඒ දෙන්නට මොකද වුණේ?" ජයනි විමසුවේ පෙහාන්ගේ පපුවෙන් තම හිස තැන්පත් කරමිනි. "මම රට ගියාට පස්සේ දෙන්නා ඩේට් කරන්න ගත්තද?" 

"නිහින් සයුරි දෙන්නද?" පෙහාන් නොසැළකිල්ලෙන් විමසා සිටියේය.

"ඔව් ඒ දෙන්නා තමා." 

"අනේ මන්දා. අපිට නම් එයාලව හම්බුණේ නෑ. සෙට් එකෙන්ම මැත්ස් කළේ ඒ දෙන්නා විතරනේ. ඉස්කෝලෙනුත් ගියා. අපි කට්ටිය නම් සැරින් සැරේ හම්බුණා. සයුරි නම් සම්පූර්ණ ඈත් වෙලා වගේ හිටියේ. අද ආවොත් ඒකත් පුදුමයි." 

රාත්‍රී හතට පමණ ආසන්න වද්දී ‌බංගලාවේ දොරකඩ සිටියේ සීතල නිසාවෙන් දෙකන් රතු පැහැ ගැන්වී සිටි සයුරිය. ඇය පැමිණෙන තෙක්ම දොර අසල බලා සිටි නිහින් ‌ඇය පසුපසින්ම නිවස තුළට පැමිණියද සයුරි ඔහුව ගණනකට හෝ ගත් බවක් ‌පෙනුණේ නැත. 

"අම්මට සිරි." කසුනි තමාගේ දුරකථනයද පසෙකට විසි කොට උඩ පැන්නාය. "සයුරියා ඇවිත්නේ. උඹ එනකන් ආතල් එකක්වත් ගන්නේ කොහොමද කියලා මම කල්පනා කළේ." 

"මම නෑවිත් ඉන්නවද මගේ වයිෆ්ලා ටික යන තැනකට." සයුරි ඇසක්ද ගසමින් ජයනිට, කසුනිට, රෂ්මිට හා අනුත්මිට කම්මුලට හාද්ද බැගින් දුන්නාය.

පෙහාන්, සහන්, දෙනෙත් සහ නිපුනිටද සිනහවකින් සංග්‍රහ කළ සයුරි ඇගේ අසලින්ම සිටි නිහින් දෙසට තනි බැල්මක් හෙළා ඔහුව නුදුටුවාක් සේ තම ගමන් මළු කිහිපයද රැගෙන එතැනින් ඉහළ මාලයට පිය නැගුවාය. 

පාරාදීසය [gxb] | completedWhere stories live. Discover now