Chapter 12 🌼💖 තර්ජනය 😵‍💫

8 3 6
                                    

සෝල් මොකද ඔයා කරන්නේ ??

🌼 ඔහ් ! ඔප්පා ලගට එනකල්ම දැක්කෙ නෑ

💖 දකින්නේ කොහෙද ඉතිම්...ඔයා ලොකූ වැඩකනේ මොකක්ද ඔය 🌝

🌼 අහ් මේ උදේ මේ ආපු Letters ටික බල බල ඉදියේ...ගොඩාක් ඒවා නම් බිල් තමා....🥲

💖 අහ් එහෙමත් එක්ක්ද.....එතකොට ඔය අතේ තියෙන්නේ...

🌼 ආ ඒක මට ආපු එකක්...

💖 ඉතින් බලන්න මොකද ඕක අතේ තියන් කල්පනා කරන්නෙ

🌼 අහ් මන් කල්පනා කරේ කව්ද මට ලියුම් එවන්නේ කියලා

💖 ම්ම් ඇරලම බලන්නකෝ

එහෙම කිව්වම බිම හිටපු සෝල් ජින් ඉදන් ඉදපු සෝෆා එකේ ඇවිත් ඉදගත්තා.....දෙන්නම එකතු වෙලා ලියුම දිග හැරියා...

🌼 නමක් ගමක් නම් නෑ පොඩි කොලයක මොනාද ලියලා තියෙන්නේ

💖 ඉන්න කියවමු..

"ඔයා හිතන් ඉන්නවානම් දිනන්න....ඔයාගේ ජිවිතේ ගැන තියෙන ආසාව නැති කරගන්න...ඔයාට මෙතනදී තේරීම් දෙකක් කරන්න පුළුවන් ජීවිතය එක්කෝ මරනය..."

මේක කියවපු දෙන්නම මූනට මූන බලාගත්තා...ඒ එක්කම ලියුම් කවරේ තිබුනු තව දෙයක් සෝල් අතට ගත්තා....ඒක දැක්කම් සෝල් හොදටම බය වුනා....

🌼 ඔ...ඔප්..පා 🥺

💖 සෝල්

🌼 මේ බලන්නකෝ 🙂

💖 මොකක්ද මේ

ඒකේ තිබුනේ සෝල්ගේ photo එකක්...නිකන් නෙවෙයි රතු පාටින් කතිරෙකුත් ගහලා

🌼 ඔප්පා මොකක්ද මේ වෙන්නේ 🥺

💖 සෝල් ඔයා බයනොවී ඉන්න..කව්ද මේක එවන්න ඇත්තේ

🌼 දන්නෑ ඔප්පා...අනෙ මට බයයි 😣

එහෙම කියලා සෝල් බිම බලාගත්තා...ජීන් දැක්කා හොදටම සෝල් අඩන්න වගේ ඉන්නේ කියලා...ඒ නිසාම ජීන් කෙල්ලව තමන්ට තුරුලු කරගත්තා...

💖 මොකටද සෝල් ඔයා බය වෙන්නේ අපි ඉන්නවානේ ඔයාට 🙂

සෝල් බයටම තවත් කොල්ලට තුරුලු උනා...

At Evening

හැමෝම ගෙදර ආවට පස්සේ ජීන් කෑම කන්න කලින් හැමෝම එක්ක කතා කරන්න ඔනි කියලා කිව්වා....එ නිසා හැමෝම සාලෙට ආවා..

NEVER ALONE ❤️‍🩹Where stories live. Discover now