Part 12

114 26 10
                                    



අද මගධ රාජධානියේ හරි කලබල දවසක්.....හැම සේව සේවිකාවක්ට හිස මුදුනටම වැඩ රාජකාරි බොහොමයක් තිබුණා....

අසල්වැසි කෝසල රාජධානියේ තනාජී රජතුමා මගධ රාජධානියට පැමිනෙන නිසා.....උත්සව පිට උත්සව පැවෙත්වුනෙ රාජධානියෙ ජිවත් උන වැසියන්ගෙ හිත් වලත් කුතුහලය එකතු කරමින්......මොකද මේ තරම් උත්සව පිට උත්සව ගන්නව නම් අනිවාරෙන් ලොකු හේතුවක් තියෙන නිසා .


" මගධයට ඔබතුමාව පිළිගන්නවා "

අශෝක් රජතුමා ඔවුන්ව පිළිගෙන මාලිගාවේ තුළට පැමිනෙන්න ඉඩ දෙද්දී.....දෝලාවෙන් ආව තනාජී රජුගෙ බිරිද උන භාරති දේවීත් සහ ඔවුන්ගෙ වැඩිමහල් දියණිය උන යශෝමති කුමරියත් එලියට අවා... මගධ රාජධානියේ න් ඔවුන්ට වටිනා තෑගි බෝග බොහොමක් ලැබුනා.....

" හහ්හහ්... මුරාඩ් වගෙ දක්ශ පුත් කුමාරයෙක්නෙ ඔබතුමාටත් ඉන්නෙ.... "

අශෝක් රජු ....තනාජී රජු ගෙ දෙවනි දරුවාව උන චන්ද්‍රව් කුමරු වැලද ගත්තෙ ගොඩක් සතුටින්....චන්ද්‍රව් කුමරු ගැන ලොකු පැහැදිමක් රුද්ද්‍රමා දේවිගෙත් අශොක් රජුගෙත් හිතෙ තිබුණා.

**

රුද්ද්‍රමා දේවිය එකට දිගට දවසින් දවස අදීරා කුමරියට පණිවිඩ යැව්වත් අදීරාගෙන් නන් පිළිතුරක් ලැබුණෙ නැ....ඉතින් ඇයට කොහෙ පණිවිඩ ලැබෙන්නද ඇය හිටියෙ මූගල් රාජධානියේ වෙනකොට.... ඔය අතරේ තමා මගධ යේ සෙබළුන් අදීරා කුමරිය හොයන්න පටන් ගත්තෙ...ඇයට කරදරයක් වෙලා ඇති කියලා හිතලා.

හැමතැනම ඒගැන  පැතිරෙන්න ගත්තා.....එත් උනෙ කවුරුත්ම නොහිතුන දෙයක්....අශෝක් රජුටවත් අදහා ගන්න බැරි උනා....අදීරා කුමරිය වෙස් වලාගෙන ගම්වාසින් ගැන හොයලා බලන්න ඇවිත් ඇය අතුරුදහන් කියන පුවතට මුලු ඉන්දියාවෙම ජනතාව කලබල වෙද්දී.... ඒ මිනිස්සු ඇවිත්  උපවාස කරන්න ගත්තා...විශ්වාස කරන්නත් බැ මිනිස්සු නොකා නොබි අදීරාව හොයන්න ගත්තා....ගොඩක් මිනිස්සු නැවතත් සිරිලංකාවට ගිහින් තිබුණා අදීරාව හොයන්න...


අදීරාට කරදරයක් නැතිව නැවත එන්න ලැබෙන්න කියලා පුජා පිට පුජා තිබ්බ.. තනාජී රජු පවා පුදුම වෙලා හිටියා මොකද  ගෞරවය  සහ ආදරය කීයන දේ බලෙන් ගන්න බැරි නිසා... රජෙක් උනත් වැඩක් නැ නිසියාකාර ගෞරවයක් ලැබෙන්නෙ නැත්තම් ඒ රාජධානියෙ වැසියන් ගෙන්....සමහර රජවරු කලේම ඒ ගම්වැසියන්ට අලුත් නීති , බදු ගහලා ඔවුන්ගෙ හිතෙ තමන් වෙනුවෙන් බයක් ඇති කරපු එක...ඒ මිනිස්සු තමන්ගෙ ජිවිතේට තියෙන ආදරෙට සහ රජුට තියෙන බිය නිසා රජුන්ට ගරු කලා මිස....ඒක අවංක හිතින් නෙවෙ....ගම්වැසියන් කලේම හිතින් සාප කරපු එක වෙද්දී...සමහර රජවරුන් මියගියෙ කාටත් විදින්න බැරි තරම් වේදනා විදලා.




𝗣𝗔𝗗𝗠𝗘 𝗟𝗢𝗧𝗨𝗦Where stories live. Discover now