Part 29

140 26 16
                                    

මන් කෑම කාලත් කාමරෙ ඇතුලට රිංගුවා... මට අමුතු ලැජ්ජාවක් දැනෙනවා ඒ මිනිස්සු ඉස්සරහ... කලින් මම නටපු පිස්සුව එක්ක වෙන්න ඇති මට එහෙම හිතුනෙ ...

ඇත්තටම මම සමාවගන්න ඕනාද ඒ අයගෙන් ...මන් වැරද්දක් කරේ නැනෙ ඉතින්.. 

පුංචි ගෙ දුව , සුදු අක්කා එක්ක  බලෙන් එල්ලී එල්ලී කතා කරන හැටි දැක්කම හේතුවක් නැතිවම ඉබේම  ඊරිසියා හිතුනා.... පුංචි ගෙ දුව අපෙ අම්මා එක්ක කොච්චර ඇගේ දැවටිලා හුරතල් උනත් මට ගානක් නැහැ  දැන් ..හැබැයි  ඉස්සර මට ඒ දෙවල් දකිද්දී සැහෙන්න හිත රිදුනා... මොකද අම්මා මාව හුරතල් නොකර එයාගෙ නංගිගෙ දුව හුරතල් කරන නිසා...


පුංචි ගෙ දුවට හැමොම ආදරේයි ... එයලා මට ආදරේ නැහැ!!!... එයා කරන පුංචි දෙයත් හරි ලොකුවට ගෙදර අය  අගයනවා එත් මම... මම කරන හැමදේකම එයලා වැරද්දක් හොයනවා.... එයලා නිසා මම ආසාවෙන් කරන හැමදේකම ආසාව නැතිවෙලා යනවා...

පුංචි ගෙ මහත්තයා නැතිවෙලා දැන් අවුරුදු ගානක් වෙනවා.... තාත්තෙක් නැති දුවක් නිසා ලූ ජානූට හැමොම ආදරේ....

මට මතකයි දවසක්.. ගොඩක් දුක හිතුන මොහොතක හිතෙ තිව්ව දෙයක් මන් අම්මගෙන් ඇහුවා...

" ඇයි අම්මෙ ඔයා ජානුට ඔච්චර ආදරේ " 

මම එහෙම අහන හැම වතාවේම අම්මා කිව්වෙම...

"උබට වගෙ නෙවෙ ඒ දරුවාට තාත්තා නැහැ... "

අම්ම මට එහෙම කියද්දී මන් මුකුත් නොකියා පැත්තකට උනේ.. කියන්න දේවල් මගෙ හිතට ආවෙ නැති නිසා .


අප්පච්චී එකම එක  පාරයි පුංචිගෙ දුවව හුරතල් කරේ... ඒකත් සිංහල අවුරුද්ද දවසේ මට අද වගෙ මතකයි මන් නැටුව පිස්සුව...

හරියටම ජානු ... පුංචි ගෙ දුව , අප්පච්චී ට බුලත් අත දිලා දණගහලා වද්දීම අප්පච්චී , ජානු ගෙ ඔලුව අතගාලා කිව්වෙ...

"ඔයත් මට ආරවී වගෙමයි දුවේ... ඔයාට කවුරු නැහැයි කියලා හිතන්න එ~~ "

මන් අප්පච්චී ට ඒ වචන ටික කියන්න ඉඩ දුන්නැ මන් ජානු ව කොන්ඩෙන් ඇදලා එකීව තල්ලු කරලා කෑම මේසෙ තිබ්බ කිරිබත් වලින් එකීට ගැහුවා ....මගෙ හිතට බයක් දැනුනා අප්පච්චීවත් මට නැතිවෙයි කියලා... අම්මා බැන්නෙම මන් ජානුට ඊරිසියාකාර කම් කරනවා කියලා...

𝗣𝗔𝗗𝗠𝗘 𝗟𝗢𝗧𝗨𝗦Where stories live. Discover now