Part 35

142 24 24
                                    


ආරවී ට විතරක් නෙවෙ හිමදා ට පවා සතුටින් ඉන්න කාලය ඇවිත් තිබුනා..... සතුට විතරක් හිත් වල රැදිලා තියෙද්දී හැමදේම හොදින් වෙන බව ආරවීගෙ හිතට දැනිලා තිබුනා...

නමුත් සතුට මැද්දෙ දුක හිතෙන කරාණා නැතිවම නෙවෙ....සමහර දවස් වලට හිමද්‍රා ගෙ සහ අයියාගෙ කසාදය ගැන කතාවෙන වාරයක් ගානෙම පුංචි ආරවීගෙ පපුව පිච්චිලා යන තරම් වේදනා දුන්නා......

පුංචි කාලේ ඉදන්ම හැමදේම හිත් අස්සෙ හිර කරන් ඉවසන් උන්න ආරවී කලේම ඒ වේදනා මැද්දෙ හරි ලස්සනට අහින්සක හිනාවක් එලියට දුන්න එක විතරයි .... මේ බව හිමද්‍රා නොදැන හිටියා නොවෙ.. හිමද්‍රා ගෙ හිත ඉට වඩා රිදුනා . ආරවී ගෙ හිත රිදෙන්න තමන් ලොකුම හේතුව වෙන නිසා .... ඒ පුංචි හිත රිදෙන වාරයක් ගානෙ හිමාද්‍රා ට ත් රිදුනා.... ඉතින් ඒ හැම වේදනාවක්ම අමතක කරවන්න පුලුවන් උනෙ හිමාද්‍රා ගෙ ආදරේට....

හැමදාම උදේට ඉස්කෝලේ යන්න බෑ කියාගෙන නැගිටින ආරවී දැන් ඉස්කෝලේ යන්නෙ හරිම උනන්දුවෙන් ...

ඉන්ටවල් එකෙන් පස්සෙ තියෙන පිරියඩ් එකම හිස් වෙද්දී පංතියේ කොල්ලො , කෙල්ලො සේරම ලැස්ති උනෙ බජව්වක් දාන්න වෙනකොට බජව්වෙ මූල් තැන ගත්තෙ ආරවී සහ මිතාශ්මි ....

කොල්ලො ටික ඩේස්ක් එකට පැන් , පැන්සල් වලින් ගහමින් තාලේ ගද්දී...කෙල්ලො ටික අත්පොඩි ගැහුවෙත් තාලේට....
පංතියේ ගායිකාව උන ආරවී වතුර බෝතලේ මයික් එක විදියට අරගෙන සිංදුව කියන්න ගද්දී එහා පංතියේ කොල්ලො පවා මේ පංතියට ආවේ...බජව්ව නැගලාම යද්දී....

පලවෙනි ,දෙවනි....ඔය වගෙ පස්වෙනි සිංදුවත් කිව්ව ආරවී හයවෙනි සිංදුව කියන්න කලින් වතුර උගුරු කිහිපයක් ම බිව්වා.....


සරත් සදේ රැයක මුදු සුවද දරා ගන්න
හිතවත් පෙම් කතාවක් සුළගට මුමුනන්න
වරා මලින් මලට මල් වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න..

ඉතුරු පද පෙලී ටික ගැම්මට කොල්ලො,  කෙල්ලො සේරොම කිව්වෙ තාලේන් වෙද්දී සමහර කොල්ලො භුමිතෙල් ගැහුව ගැරඩි වගෙ බොරුවට ඇබෙරි ඇබෙරි නටන්න ගත්තා....

𝗣𝗔𝗗𝗠𝗘 𝗟𝗢𝗧𝗨𝗦Tempat cerita menjadi hidup. Temukan sekarang