CHAPTER 07

482 119 14
                                    

Sorry for the late updates 🤧

"මේක මොකක්ද ටේහියුන්?"

ජිමින් මේසය මත වූ පුවත්පත් සහ සඟරා තොගයකට පහර දුන්නේය. ගායකයා මදකටවත් ඔහුගේ දුරකථනයෙන් ඉවත් නොවී ඔහුගේ උරහිස් සැලුවේය.

"මේ නිව්ස් එක දිහා බලන්න ටේ"

taehyung හයියෙන් කෙඳිරි ගෑවා. chimmy "ඔයාගේ කටහඬ සද්දෙයි". ඔහු අකමැත්තෙන් මැගසින් එක අතට ගත් අතර, මැගසින් එකේ මාතෘකාව දුටු විට දෑස් ක්ෂණිකව විසල් විය

"කිම් සහෝදරයන්ව පිස්සු වට්ටපු මේ කොල්ලා කවුද?"

මැගසින් එකේ පිට කවරයේ දක්නට තිබුනේ ඔහු පෙර දින ජංකුක්ගේ ගෙල සිප ගන්නා ආකාරයයි. එම කවරයේ තවත් පසක තිබුනේ ජංකුක් නම්ජුන්ව තදින් බදාගෙන හිදින ආකාරයේ රූපයකි.

"මොකක්ද මේ.?"ටේහියුන් මිමිනුවේය

"ඒක තමා මාත් ඔයාගෙන් අහන්නේ මේ පිරිමි ළමයා නෙවෙයිද දවස් දෙකකට කලින් ඔයාගෙ වෙයිටින් රූම් එකක හිටියේ?!!" ජිමින් ඔහුගේ අත් දෙක පපුව මත හරහට තිබෙන සේ සාදා ගත්තේය.

"ඔව් එයා තමා" ජංකුක් තම සොහොයුරාව තදින් බදාගෙන හිදින ආකාරය දුටු Taehyung ඔහුගේ අත් මිට මෙල වුනේය

"මට යන්න ඕනේ"

"කොහෙ යන්නද ගොනෝ ? මුහුදක් තරම් පැපරාසිකාරයො බිල්ඩින් එකෙන් පිට ඔයා බලාපොරොත්තුවෙන් ඉන්නවා "

ටේහියුන් ඔහුගේ සන්ග්ලාස් එක ගෙන පැලද ගත්තා , "හොදයි ඒත් මට ඒවගෙන් වැඩක් නෑ . මේකට මට හොඳ පැහැදිලි කිරීමක් අවශ්‍යයි"

"හොඳ පැහැදිලි කිරීමක් කාගෙන්ද ?"

"මගේ වයිෆ්ගෙන්" ඔහු ඒකාකාරී ලෙස පිළිතුරු දෙමින් වෙයිටින් රූම් එකෙන් පිටතට ගියේය

ජිමින් තත්පරයක් නිශ්චලව සිටියේය,ඉන්පසු ඉක්මනින්ම ඔහු හයියෙන් කෑගැසුවේය, "ආපහු එනවා කිම් ටේහ්යුන්ග්!!! ඔහේට wife කෙනෙක් හම්බුනේ කවද ඉදලද?"
__________________________

"ආව් අවසානයේ ඔහු ඇයට කන්ෆෙස් කළා!!!"

තම අයිපෑඩ් එකෙන් බාගත කර ගත් රසික ප්‍රබන්ධය නිහඬව කියවන විට ජන්කුක් එක්වරම හයියෙන් කෑගැසුවේය

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Where stories live. Discover now