Chapter 21

264 74 8
                                    

Double update.....👻

ටේහියුන් නැවතත් හුස්මක් ගත්තා, ඔහු කළකිරීමෙන් හිස පිරිමැද්දා. ඔහු, ඔහු ඉදිරියේ තිබෙන විකුණුම් යන්ත්‍රය අසලට ගියා.

"මොන මගුලටද මම ජංකුක් එක්ක තරහ ගන්නේ, ඒකේ එයාගෙ වැරැද්දක් නෑනෙ" ඔහු ඔහුටම මුමුණගත්තා. ජංකුක් වෙනුවෙන් කෑම ගැනීමට විකුණුම් යන්ත්‍රයට මුදල් ඇතුළු කරා.

ඔහු මිලදී ගත් ස්නැක්ස් ඔහුගේ දෑත් වලට ගත්තා , ඒවා පපුවට හරියට තබාගෙන එලිවේටර් එක ලගට ගියා. ඔහුට අවශ්‍යයි කාමරයට ගොස් ජංකුක්ගෙන් සමාව ඉල්ලන්න.

"1201 රෝගියා අතුරුදහන්, නැවතත් 1201 රෝගියා අතුරුදහන්" ටේහියුන් අනෙක් පස හැරුණේ කවුරුන් හෝ කෑගසනවා ඇසී. ඔහු දුටුවේ නර්ස්ලා සහ සිකියුරිටි ගාර්ඩ්ස්ල සමඟ හැමතැනම දුවනවා.

"1201" ඒ නම්බර් එක නිකම් ටේහියුන්ට හුරුයි වගේ.  නර්ස් කෙනෙක් ටේහියුන්ව පහු කරගෙන යාමට යන විට ගායකයා නර්ස්ව නවත්ත ගත්තා.

"හේයි! මට අහන්න පුළුවන්ද 1201 කාගේ පේශන්ට්ද ඉන්නේ කියලා?" ඔහු ඇසුවා, වාසනාවට ඔහු මාස්ක් එක පැලඳගෙනයි සිටියේ. නැත්නම් එම නර්ස් අනිවාර්යයෙන්ම විකාර වෙනවා.

"ඔහු ගායක කිම් ටේහියුන්ගෙ හස්බන්ඩ්, කිම් ජංකුක් අතුරුදහන් වෙලා කියලා ඔහුගේ ග්‍රෑන්ඩ්මා අපිට වාර්තා කරා." නර්ස් පැවසුවා. "මට දැන් යන්න අවශ්‍යයි සමාවෙන්න" ඒත් සමගම ඇය දිව ගියා.

ටේහියුන් අන්ධයකු මෙන් එතන සිටගෙන සිටියා. ඔහු අල්ලාගෙන සිටි ස්නැක්ස් ඔහුගේ අතින් ගිලිහුණා, ඒ ගැන ඔහු අවධානය දෙන්න තරම් ඔහු සිහියකින් නොසිටියා. ඔහු එකවරම පඩිපෙළ ආධාරයෙන් ජංකුක් සිටි කාමරයට දුව ගියා.

"ග්‍රෑන්ඩ්මා..." හොස්පිට්ල් එකෙන් ලබා දුන් අසුනේ හිදගෙන සිටින ග්‍රෑන්ඩ්මා කිම් දුටු විට ටේහියුන් කෑගැසුවා.

"ටේහියුන් ගාහ්" ඇය සිට ගත්තා, ඇස් කදුලින් දිලිසෙනවා, "ජංකුක් ඔහු-"," මම දන්නවා ග්‍රෑන්ඩ්මා ඔහු අතුරුදහන් වෙලා නේද, ඇත්තටම මොකක්ද වුණේ?"

"මම ඔහුත් සමඟ බබා ගැන සහ ඇබෝර්ෂන් කරන එක ගැන කිව්වා එවිට ඔහු කාමරෙන් පිටතට දිව්වා, මට ඔහුව නවත්වන්න කාලෙ මදි වුණා, ටේහියුන් අපි දැන් ඇත්තටම මොකද කරන්නේ? ඔහු...මම..." ග්‍රෑන්ඩ්මාගේ භීතිය ඔහුට දැක ගත හැකි වුනා.

𝔻𝕀𝕍𝕆ℝℂ𝔼𝔻?- Sinhala Translation - (Taekook)✔️Where stories live. Discover now