1#

199 19 26
                                    

" ඒ....වයිඩ්....වයිඩ්...."

" කොහෙද ඕයි වයිඩ් ගියේ....උඹට ගහන්න බැරි වුණාට....."

" අනේ පල....බෝලෙ දාපන් හරියට...."

යසිරුවා බැට් එක වන වන බෝල් කරපු එකාට කෑගහන්න ගත්තා...හැබැයි අනිකා
ඌගෙ මූණටම කිව්වා...ඕකට හරියට ගහගන්න බැරි වුණාම මුරලිදරන් එව්ව බෝලෙත් ඕකට වයිඩ්....හැබැයි ඕකා තමයි ටීම් එකේ හොඳම දඟ පන්දුවා...
ඌ දාන බෝලයක් වැදුනොත් එහෙම දෙයියොත් හිසි වෙනවා.....

මන් පිට්ටනිය මැද්දෙන් අරුන්ගෙ වලියත් අහගෙන ෆැමිලියන් එකෙන් ඇවිත් ඉඳගත්තා....ඉස්කෝලෙ පරණ ෆැමිලියන් එක කියන්නෙ ඉතින් ඉන්ටවල් එකට අපේ ජීවන රජදහන ....කෙල්ලො නම් මේ පැත්ත පලාතෙ එන්නෙ නෑ....එන්න දෙන්නෙත් නෑ.....

" ඒ මිහින් උඹ බැට් කරහන්...." උන්ගෙ ඕවරේ ඉවර වුණාට පස්සෙ යසිරුවා ඇවිත් මට බැට් එක දික් කලා....ඌ බෝලින්....ඒ අස්සෙ ෆැමිලියන් එකේ උන්න ජීවනයා කොහෙන්ද අහුල ගත්ත කෝටු කෑල්ලක් මයික් එක කරගෙන ගිරිය පලාගෙන එනවුසින්.....

" ක්‍රීඩා ලෝලී හිතවතුනි.....මේ වැහිබර දිනයේ හිටෙව්ව පොලු තුනෙන් මැද පොල්ල යන්නතම් කෙලින් බව අපට පෙනී යනවා...උදාරයි.....වැසිකිලි අන්තයේ සිට අපයේ දඟ පන්දු ක්‍රීඩක යසිරු පන්දුව එල්ල කරනවා...
පිටියේ අනෙක් අන්තයේ අපේ තුන්ඉරියව් ක්‍රීඩක මිහින් බැට් පිත්ත අමෝරාගෙන..."
ජීවනයා තමා බිග් මැච් කාලෙටත් එනවුසින් දෙන්නෙ....ඌට අහන් ඉන්නෙ මොකාද කියන්න අදාලම නෑ...පිට්ටනිය මැද්දෙ අපෙ කලිසමක් ගැලවිලා වැටුණත් කමක් නෑ ඌ ඒකත් එනවුස් කරනවා...

හයේ හතරේ පාරවල් ටිකකට පස්සෙ ඕවරේ ඉවර වෙන්නත් කලින් මන් ගහපු හයේ පාරක් අරකා කැච් කරා.....

" අවූ......ට්......! "

යසිරුවා බෝලෙත් උඩ දාලා කෑගහන් මගෙ ඇඟට පැන්නා...කමක් නෑ මු මගෙ එකා...උඹට දෙන්නැති චාන්ස් කාට දෙන්නද සුදු මහත්තයා....

" තමුසෙ මන් නිසානේ ඕයි කැච් එකක් එව්වෙ....."

" අර පොඩි උන් ඉස්සරහ උඹව පරද්දන්න බෑනෙ සුද්දා...."

" අනෙ උඹේ බොරු...." යසිරු මගෙ කොන්දටත් එකක් දීගෙන මඩේ හිටවලා තිබුණ විකට් පොලු තුන ගලවන්න දිව්වා..
දැන් ඉන්ටවල් ඉවර වෙන්නත් ළඟයි...උදේ වැහැලා මඩ චප්පෙ...කිරි කොකා වගේ ආපු උන් දැන් කුඹුරු හාපු හරක් ටික වගේ...මගෙ සුදු සපත්තු දෙක දුඹුරු සපත්තු වෙලා...අද නම් පුතේ තාත්තාට මලම පනී....

Enchanter ♡ [Ala Adawwa Side Story]Where stories live. Discover now