15#

93 16 24
                                    

" බලපන් ඉතින් මන් අද ගෙදර යන්නෙ කොහොමද කියලා...."

" ආ...හවසට අප්පච්චිගෙ පරමාණු බෝම්බෙ නිශ්ක්‍රීය වෙලා ඉදියි..."

" ඔව් ඔව් නිශ්ක්‍රීය වෙලාම ඉදියි... බලනවා දැනටම මිස්කෝල් පහයි...."

" අදත් හවස් වෙනකම් ප්‍රැක්ටිස් නේද..."

" ඔව් අප්පච්චි...හය විතර වෙනකම් "

" තාත්තා කිව්වා ඔයා යාලුවෙක් එක්ක ඉවර වෙලා එනවා කියලා..."

" ආ....ඔව් කිව්වා තමා "
අනේ මම නම් ඔය උගුඩු මොටා එක්ක එන්නෙ නෑ බස් එකේ එනවා ගෙදර...

" යනවා අප්පච්චි..."

" හ්ම්ම් පරිස්සමින්..." ඉස්කෝලෙ ගේට් එක ගාව කැබ් එක නතර කරලා අප්පච්චි මගෙ කොණ්ඩෙ අතින් හදලා නලලට හාදුවක් දුන්නා....තාම එකවසරට යන පොඩි එකාගෙ වගේ මගේ කොණ්ඩෙ හදන පුරුද්ද නම් මේ දෙන්නටම තියනවා..
අර කතාවකුත් තියෙන්නෙ ළමයි කොච්චර උස් මහත් වුනත් අම්මලා තාත්තලට ළමයි හැමදාටම පොඩියි කියලා..... පුලුවන් නම් දැනුත් තාත්තා සාක්කුවෙ ලේන්සුවකුත් ගහලා බෙල්ලෙ බෝතලෙත් එල්ලලා එවයි....

හත හමාරට බෙල් එක ගහනවත් එක්ක මන් මේ මාසෙ අපි පදිංචි වෙලා ඉන්න ඉන්ඩෝ එකට දිව්වා...යනකොටත් උදේම ආව කාශ්‍යප කුකුළා අනිත් අයට ප්‍රැක්ටිස් කරවනවා...මන් එනවා දැකලා බැට් එකත් කරේ තියන් දිගට හරහට රැව්වා මන් හිනා වුණා...

" ගුඩ් මෝර්නින් අයියණ්ඩි...."

" කීයටද මන් එන්න කිව්වෙ..."

" අඩේ ඇත්තටම කීයටද...."
මන් විරිත්තලා කාශ්‍යප අයියාගෙ බඩට ඇන්න පාර මේකා අර කරේ තියන් උන්න බැට් එකෙන් මගෙ පස්සට ගැහුවා...

" පරක්කු වුණ නිසා ඇතුලෙ වට විස්සක් දුවලා එනවා...."

" ඒ.....උදේට හරියට කෑවෙත් නෑ අයියෙ..."

" මන් තමුසෙට කවන්නම්...යනවා යනවා..." ආයෙත් අර බැට් එක වනලා මගෙ පස්සට පාරක් දෙද්දි මාත් කාශ්‍යප අයියාගෙ බඩට පාරක් ඇන්නා..
" ඕක තියෙන්නෙ බෝලෙට ගහන්න ගොනෝ....."

" බෝලෙට.....? " අර උඩුගු මොටා යටි තොලත් හපාගෙන අහක බලන් හිනාවෙන්න ගත්තා...
එව්......මුන්ට වචනයක් කියන්න බෑනෙ ඉතින් තියන වල්කම...

Enchanter ♡ [Ala Adawwa Side Story]Where stories live. Discover now