18#

141 14 23
                                    


මට හිතාගන්න බෑ කාශ්‍යප අයියාව කොයිතරම් මඟ අරින්න හැදුවත් ඒ හදන වාරයක් ගානෙ එයා තව තව ළන් වෙනවා අහම්බෙන් හරි හිතාමතාම හරි...මැග්නට් දෙකක් වගේ..

වෙන කොල්ලෙක් යාලුවෙක් ගාවදි වගේ නෙවෙයි එයා ගාවදි මට මාවම කන්ට්‍රෝල් නෑ වගේ...හිතේ කැලතෙන හැඟීම් හිතට හරි වදයක්...ඇයි කාශ්‍යප අයියා ගාවදිම විතරක් මට එහෙම දැනෙන්නෙ....
ඒ හැඟීම් හංගන්න කොච්චර ට්‍රයි කලත් වතුරෙ ඔබපු බැලුමක් වගේ උඩට එනවා.

අපි හිටියෙ මුහුද අයිනෙන් වැටුණ ගාලු පාරෙ..ශටර් එක බාගයක්ම ඇරලා නිසා මුහුදු හුළඟෙ කසිංජි සුවඳ හුළඟ ඇවිත් මූණෙ වදින පාරක් ගානෙ මට දැනුනා.
ලංකාවෙ බීච් සයිඩ් එක කියන්නෙම තනිකරම සංචාරක පුරවරයක්. අපේ ගෙදර තිබුණෙ ගමක් ඇතුලට වෙන්න නිසා මුහුදුබඩ පලාතක හිටියත් මේ ෆීලින් එක මට ලැබෙනවා හරි අඩුයි.

ඩිලාන් එලවගෙන ආව මොන්ටෙරෝ එක නැවතුනේ සුපර් මාකට් එකක් ළඟින්.
ඇතුලෙ පාකින් ලොට් එකට ගිහින් කාශ්‍යප අයියා මාත් එක්කන් ලිෆ්ට් එකට යද්දි ඩිලාන් කියන හාදයා තව මොනවද බඩු වගයක් උස්සන් ආවා. ඒකගෙ අතක තඩි ටැටූ එකක් මකරෙක්ගෙ... සන්ග්ලාසුත් දාලා හෙන මැර ලුක් එකක් තියෙන්නෙ...මන්ත්‍රී තුමාගෙ හෙන්චයියෙක් වෙන්නැති...ඌ ළඟින් ආවෙත් රූපසිංහ මන්ත්‍රීයගෙ ඌස්නෙ...

ඒක තට්ටු පහක මුහුදු අයිනෙම තිබුණ බිල්ඩින් එකක්...යටම තට්ටුවෙ සුපර් මාකට් එකක්..දෙවෙනි එකේ ඩොක්ටර් කෙනෙක් කරගෙන යන ආයුර්වේද ස්පා එකක්...අනිත් දෙකම ෆොරිනස්ලට දෙන හොටෙල් රූම්ස්....උඩම තට්ටුවෙ කාශ්‍යප අයියා ඉන්න ගෙදර....
ගෙදරක් කිව්වට ඒකත් තනිකරම හොටෙල් එකක් වගේ මාරම කොසි වයිබ් එකක් තිබ්බෙ...
බෙඩ්රූම් දෙකක් එක්ක ලොකු ලිවින් ඒරියා එකක්...කිචන් එකත් තිබ්බෙ ලිවින් ඒරියා එකේම කෑල්ලක් විදිහට. ලොකු ග්ලාස් දාපු බැල්කනි වලට නිල්ම නිල් පාටට රැලිගහන අකුරල බීච් එක පේනවා.
ප්‍රධාන පාරක් ළඟ වුණාට හරිම නිස්කලංකයි මුලු ගේ පුරාම ඇහුනෙ මුහුදෙ රැල්ල වෙරළට ඇවිත් ආයෙමත් මුහුදට ඇදෙන හඬ විතරයි....හරියට නිකන් මුහුද මැද්දෙ නැවක ඉන්නවා වගේ ෆීලින් එකක්...

Enchanter ♡ [Ala Adawwa Side Story]Where stories live. Discover now