7#

59 15 12
                                    

මන් කෑම පෙට්ටියත් බිම දාලා දුවද්දි කාශ්‍යප අයියත් මගෙ පස්සෙන් පන්නගෙන ආවා....අපි නිකන් අල්ලන සෙල්ලන් කරන පොඩි උන් වගේ හති දාගෙන මල් ගස් වටේ හිටන් දිව්වා.....

චිකේ මල් ගස් වටේ....ඒක කිව්වම මට මතක් වුණේ අර සිකුරු හතේ මල් ගස් වටේ කැරකි කැරකි නටන සමන්මලී....

සමන්මලී....සමන්මලී.....මගේ මලී....
සමන්මලී....
නටුවේ කටු නැති රෝස මලී......
අතුඅග පිපි සුදු පිච්ච මලී.....

එව්.....යකෝ....ඈතින් දුවන් එන කාශ්‍යප අයියා සුදු දිග ගවුමක් ඇදන් මල් ඔටුනකුත් දාගෙන පැන පැන එනවා මට මැවිලා පේන්න ගත්තා....මොන@@...... සිහියට වරෙන් මිහින්...!

" ඒ අර....."    කගවේනා වගේ මාව අල්ලගන්න දුවන් ආව කාශ්‍යප අයියා එකපාරම කකුලෙන් බ්‍රේක් එකක් ගහලා වෙන පැත්තකට දුවන් ගියා.....පිස්සුද මුට..

ආ....එලිෆන්ට් හවුස් එකේ අයිස්කීම් ට්‍රක් එකක්....මේකා කගවේනා වගේ දිව්වෙ ඒකට....
කාශ්‍යප අයියා ආපහු ආවෙ වොන්ඩර් කෝන් දෙකකුත් අරගෙන....බලන් ගිහයම සල්ලිකාර හතුරෙක් ඉන්න එකත් මරු....
මේ පාරත් ඒකා ' වහ නෑ ඕයි කනවා ' කියලා අයිස්ක්‍රීම් කෝන් එකක් කොලේ ගලවලාම මගෙ අතට දුන්නා.....

" තමුසෙ ඇයි අයියේ එකපාරම හොඳ වෙලා...."

" කවුද මන්....."  කාශ්‍යප අයියායි මායි කතා කර කර අයිස්ක්‍රීම් දෙකත් කන ගමන් ඇවිද්දා.... අපි හිටියෙ මීවන උයන කියන හරියෙ....ඒ හරියෙ කවුරුත් නැති නිසා හොඳටම පාලුයි වගේම මීවන ගස් අස්සෙ ඇවිදිද්දි නිකන් ඇමසන් වනාන්තරෙ වගේ....

" ඔව් තමුසෙ තමා....."

" ඇයි මන් කිව්වෙ තමුසෙට රසට කවනවා කියලා....දැන් ඉතින් කනවා....."

" කවුද දන්නෙ තවුසෙගෙ යටි අරමුණු තියේද කියලා...."

කාශ්‍යප අයියා මගෙ පිටට හයියෙන් එකක්
ගහලා හිනාවෙවී පොඩි සිමෙන්ති බෙන්ච් එකකින් ඉඳගත්තා...මාත් ගිහින් එතනින් ඉඳගත්තහම අපි සෑහෙන වෙලාවක් එක එක ඒවා කතා කලා...ක්‍රිකට් ටීම් එක ගැන
එයාලගෙ එක්සෑම් ගැන...කාශ්‍යප අයියා නම් මේ පාර ලියන එක ගැන ලොකු සැටිස් එකක් නෑ වගේ...එස් තුනක්වත් තිබ්බොත්
ලොකු දෙයක්ලු....මන්දා ඉතින් ලබන අවුරුද්දෙ මටත් ඔච්චරම තමා....මතක් වෙද්දිත් පපුව හිර වෙන්න එනවා.....

Enchanter ♡ [Ala Adawwa Side Story]Where stories live. Discover now