17#

99 16 17
                                    

කාශ්‍යප අයියා ගෙනාපු ඉඳිආප්ප පාර්සලයි මන් ගෙදරින් ගෙනාපු කෑම එකයි දෙකම ගිලලා අපි හිටියේ ගිනි කාස්ටක අව්වේ පිට්ටනිය මැද ඇට බෝල කෙලියේ....
අහසෙ සුදු පාට වලාකුළක් අස්සෙන් එලිබැස්ස කලු වලාකුළක් දැක්ක මට පිට්ටනිය මැද්දේ වැහි නැටුම නටන්න තරම් පට්ට හැපි...මන් යසිරුවට එකක් ඇනලා අහසට අත දික්කරලා සුභ නිමිත්ත පෙන්නද්දි  ඌ අර කලු වලාවට ෆයලින් කිස් එකක් ඇරියා....

අනේ වැහපන් අනේ වැහපන්....

මගෙ හිත අස්සෙ දැනටමත් කොල අතු ඇදන් වැහි නැටුම නටනවා. වැස්සොත් නම් දෙයියො බැලුවා වගේ ඉන්ඩෝ එකට දුවාගන්න තිබ්බා. මේ අව්වට අපි නිකන් ඉතියෝපියන් කාරයො ටික වගේ කලුවෙලා....සුදු එව්වෝ තලෙලු වෙලා කලු එව්වෝ අඟුරු වෙලා....කණ්ණාඩිය ඉස්සරහට ගියහම මට මාව අඳුන ගන්න බෑ....පුන්සඳ වගේ කිරි සුදට බැබළුන මාවන දෙයියනේ මේ අව්වට වේලිච්ච කුරුදු පොත්තක් වගේ වෙලා තියෙන්නෙ...

ගොරකා යක්කු ටික වගේ පාසලේ කීර්තිමත් ක්‍රිකට් කණ්ඩායම....
ගෙදර ගිහින් අක්කාගෙන් ෆේස් පැක් ටිකක්වත් උස්සන්න ඕන.

" යෙස් හු@තො යෙස්...වැහපන් වැහැපන් පොලු තුන බිම පතිත වෙන්නම වැහැපන්"

අපි හිටියේ ටෙස්ට් කරන්නත් එක්ක පොඩි මැච් එකක් අස්සෙ...බැටින් වලින් පස්සෙ යසිරුවයි මායි ෆීල්ඩින්....ඌට බෝලේට වඩා දැන් සිහිය  තිබ්බෙ වැස්ස වලාහක දෙයියන්ට කන්නලව් කරලා වස්සවන පොටක් ගැන.

" ඔය බෝලෙ අල්ලපන් හරියට නැත්තම් උඹේ මැද පොල්ල බිම පතිත වෙයි...."

යසිරුවා අතින් බෝලෙ මිසින් වෙද්දි අනිත් පිලට ලකුණු හතරක් වුණා උන් තව රන්ස් දෙකකුත් දා ගත්තා....මන් මගෙ මිත්‍ර ගල් හැලපයට දෙකක් රවලා ඔලුවට එකක් දුන්නා.

" තෝ නිසා අර කස්සපයට පරාද වෙන්න බෑ හු@තො....බලපන් උන් අපිට වඩා හයක් ස්කෝර් කරගෙන..."

පොඩි මැච් එකට කියලා පිල් බෙදුණෙ කැපාගෙ ටීම් එකයි වයිසගේ ටීම් එකයි කියලා.....කෝච් මැද්දෙ අම්පයර්ට ඉදලා ටිකකින් ඔෆිස් එකට ගියේ ප්‍රින්සිපල්ගෙන් පණිවිඩයක් ඇවිත්...
දැන් පොඩි මැච් දෙපැත්ත මරාගන්න සයිස් එකට ඇවිලිලා. අපි හිටියේ අන්තිම ඕවරේ බැටින් බෝලින් හිටියේ දහය එකොළහ මල්ලිලා ටික. තව ලකුණු හතරක් ගියොත් කාශ්‍යප අයියගෙ ටීම් එක දිනනවා....

Enchanter ♡ [Ala Adawwa Side Story]Where stories live. Discover now