11#

74 16 18
                                    

" මිහින් ඔයාගෙ බැටින් ටයිමින් හදාගන්න වෙලා.....Again..!! Practice....."

" කාශ්‍යප මට ඔයාගෙ quick pull shots ටිකක් ඕනි.....යසිරු බෝල් කරන්න...."

" තේමිය....ඩයිවින් කැච් ගන්න කලින් බෝලෙ එන වේගෙ බලලා ගන්නවා අයිසෙ..."

හවස දෙකට පටන් ගත්ත ප්‍රැක්ටිස් පොඩි බ්‍රේක් එකක්වත් නැතුව එකදිගට.....කෝච් සර්ගෙන් එකෙක්ටවත් බේරෙන්න හම්බුණේ නෑ..
දාඩියට ඇඟට ඇලුණ ටී ශර්ට් කරෙන් ඇදලා ඇතුලට පණ දාගෙන පිම්බා.... මැරෙන්න දාඩියයි....නිව්ස් වලට හිටන් මේ දවස් වල අධික උෂ්ණත්වය....දැඩි හිරු රශ්මිය ගෑවට අපේ කෝච් කිසි හිතක් පපුවක් නැතුව ඉන්ඩෝ ස්ටේඩියම් එකේ කූල් එකේ හිටපු අපිව පිට්ටනියට දැම්මා.....
වතුරත් නැතුව දිව උගුරේ......මන් ශේප් එකේ මට ඉස්සරහ උන්න කාශ්‍යප අයියා දිහා බැලුවා...ඒකා දාඩිය පෙරාගෙන බැටින් ශොට්ස් පුරුදු වෙනවා කෝච් එක්ක...
ඊළඟ රවුන්ඩ් එකේ මම ඊටපස්සෙ චේතක අපි තුන්කට්ටුව තමා දැනට බැටින් කරන්න ඉන්නෙ අපි ඕල්රවුන්ඩින්... බෝලින් යසිරුවායි තව ඕලෙවල් ක්ලාස් වල මල්ලිලා තුන් දෙනෙකුයි....ඒ ඇරෙන්න කණ්ඩායමෙ දැනට ඕන එකොළහ කෝච් සර් බෙදලා දැම්මා.....

" සංකේත්..! ස්වීප් ශොට් එකේදි තව බැට් එක හරවනවා.....ආන්න දැට්ස් රයිට්...."

කෝච් කාශ්‍යප අයියට කෑගහද්දි මන් ඉක්මනට සර් බනින්න කලින් ලෙග් පෑඩ්ස් දෙක දා ගත්තා....තයිට්ස් පෑඩ් දෙකයි ග්‍රොයින් කප් එකයි ගොනා වගේ ගෙදර දාලා ආවනෙ....ඉනෙන් පහළට අර ලෙදර් බෝලෙන් පාරක් වැදුනොත් ඉතින් මගෙ අනාගතේට ගෞරවයෙන් බුදුසරණයි.....

එක්කෝ බැටින් නොයා බෝලින් යන්න තිබ්බා...එහෙනම් මෙච්චර ගාඩ්ස් දාන්න ඕන නෑ....මේ ටික බරට බරේ ඇදලා තව බැට් එකත් උස්සගන්න එපැයි.....

" මිහින් ඔෆ් ඩ්‍රයිව් ශොට්ස් ටිකක් සංකේත් එක්ක ප්‍රැක්ටිස් කරන්න..."

කෝච් සර් කාශ්‍යප අයියට බෝලෙ පාස් කරලා අනිත් ෆීල්ඩින් වලට තෝරගත්ත අය ප්‍රැක්ටිස් කරන්න ගියා....
කාශ්‍යප අයියා එයාගෙ හෙල්මට් එකයි පෑඩ්ස් ටිකයි ගලවලා දාලා බෝල් කරන්න ලැහැස්තියෙන් එද්දි මන් මගෙ හෙල්මට් එක දාගෙන රෙඩි වුණා.....

Enchanter ♡ [Ala Adawwa Side Story]Waar verhalen tot leven komen. Ontdek het nu