9#

59 14 10
                                    


" කොපි කලා නේ...."

" අනේ නෑ සර්...." 

අද එකවුන්ටින් වල මාසික පරීක්ෂණයක් මහ රෑ නිදිමරන් පාඩම් කරලා ගණන් හදලා ලකුණු හැත්තැ අටක් ගත්ත එකට සර් මගෙ මූණටම මහ කැත කතාවක් කිව්වා....ගිය පාරවල් වල මට ඔච්චරවත් ලකුණු තිබුණෙ නෑ.....ඒත් මන් මගෙ මහන්සියෙන් ලියනවා මිසක් කොපි කරන එකෙක් නෙවෙයි..... සර් කිණ්ඩියට මන් දිහා බලලා හිනා වෙලා පේපරේ ලකුණු ගාන රවුම් කරලා මේසෙන් තියද්දි මට සසර කලකිරිලා ඇවිත් ඉඳගත්තා....

වැරැද්දක් දකින්නෙ නැතුව ගුරුවරයෙක් දෙමාපියෙක් කවුරු වුණත් එහෙම චෝදනා කරන එක හොඳද....අපි ලී වලින් කපාපු රෑකඩ නෙමෙයිනෙ හිත රිදෙන්නෙ නැතුව ඉන්න....කාගෙ වුණත් හිත රිදෙනවනෙ....

මන් සර් ආපහු පන්තියෙන් යනකම්ම බෝල්පොයින් පෑන ඇඟිලි අස්සෙ කරකවන ගමන් එලිය බලන් කල්පනා කලා....ඊළඟ පාර තව ටිකක් මහන්සි වෙනවා....තාම ටර්ම් ටෙස්ට් එක ආවෙ නෑනෙ.....

මගේ කල්පනාව අස්සෙ ඔෆිස් එක පැත්තෙ ඉදන් අපේ ක්ලාස් පහුකරන් ගිය මලින්ද අයියා මට අත වනා ගෙන යන්න ගියා.....ආරංචියෙ හැටියට කනේ පාර කාපු දවසෙ ඉදන් දැන් සති දෙකක් වෙන්න ආවා උගුඩුවා තාම ඉස්කෝලෙ ආවෙ නැහැලු....ඒ අනිකා.... අසහනකාරයා.....!

" ඒ කාශ්‍යපයා ආයෙ කැප්ටන් කරලා නේද..." 

ඉන්ටවල් එකත් එක්ක පන්තියෙ ලාවට කසුකුසුවක් ගියා.....නිකිණියත් හෙන රවුටරේනෙ හොට් හොට් නිවුස් එක ආව ගමන් මටත් කිව්වා....

" ඔයාව ටීම් එකට ගන්නෙ නැතිවෙයිද ඒයි..." 

නිකිණියා මගෙ අතකට ඇන ඇන අහද්දි පන්තියෙ හිටපු උන් ඔක්කොම කන්න වගේ මන් දිහා බලාගෙන....

" ඈ...බන් කෝච් සර් උඹව ගන්න එකක් නැද්ද....."

" ඒක අහපන් ගිහින් අර කාශ්‍යපයගෙන්ම...."

මන් රවාගෙන මේසෙ උඩ ඔලුව ගහගත්තා.....මන්ත්‍රියා සල්ලිවත් දීලා පුතණ්ඩියව දා ගන්න ඇති.....ඕකගෙ ෆොටෝ එකක් හොයාගෙන දානවා ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් කොලුකාර අසහනකාරයෙක් කියලා කැප්ශන් එකක්..





හවස ඉස්කෝලෙ ඇරිලා වොෂ්රූම් ගිහින්ම මන් ඔෆිස් එක පැත්තෙන් නැතුව ස්ටේඩියම් එක පැත්තෙන් ගියා... නිකම්වත් පිනාට අහුවුණොත්....ප්‍රින්සිපල් සරුත් හවසට ඉස්කෝලෙ වටේ ඇවිදලා කරලානෙ යන්නෙ....

Enchanter ♡ [Ala Adawwa Side Story]Tempat cerita menjadi hidup. Temukan sekarang