#5.

65 15 7
                                    

" මේ බංගලාවෙ වැඩ ඉවර වෙන්නෙ 1931 දි වගේ....තෝමස් ලිස්ටර් විලියස් කියන වතු පාලක තුමා තමයි මේක හදන්න මූලික වෙලා තියෙන්නේ....ඇඩිෂම් කිව්වට
දැන් මේක ශාන්ත බෙනඩික්ට් නිකායේ තාපසාරාමයක්.....ඔය පිටි පස්සෙ ළමයි.....! කෑගහන්න නැතුව පෝලිමට එකතු වෙන්න...."

පලවෙනි වෙඩිමුරේ පත්තු වුණේ ඇඩිෂම් බංගලාවෙන්....අපේ සෑර් හෙන පඩියා වගේ තඩි විස්තරයක් දෙනවා....ෂුවර් එකට ඊයෙ රෑ මෑන් යන තැන් ටිකේ විස්තර හොයලා පාඩම් කරගන්න ඇති.....
අනේ....සෑර් දැන් අපිට නුවරඑළි ඇවිල්ලම මෙව්වා කට පාඩම්....

කෙල්ලො ටික මල් අස්සෙයි ගස් අස්සෙයි රිංගගෙන හෝ ගාලා ෆොටෝස් ගන්නවා..
ලොකු පන්ති නිසා ෆෝන් ගේන අවුලක් නෑ....මාත් ෆෝන් එක එලියට අරන් යසිරුවයි රියාසයයි එක්ක සෙල්පි ටිකක් ගත්තා...
එළකිරි......අපිට ඉතිම් ෆිල්ටර්ස් ඕන නෑනෙ ආයෙ ඉතින් උපන්ගෙයිම නලුවො අපි....

සර්ගෙ විස්තරේ තාම ඉවර නෑ....ඒ මදිවට ක්ලාසස් පිලිවෙලට නෙමෙයි...බස් වල ආව පිලිවෙලට ඉන්න කිව්වනෙ....හැබැයි දැනටමත් අපේ උන් පොල් මැල්ලුමක් වගේ වෙලා....

මන් යසිරුවගෙ කරට අතකුත් දාගෙන එන හැම සැරේකම ඔය බංගලාවෙ ඇතුලට යන නිසා මේ පාර ටිකක් එලියෙ මල් බල බල ඇවිද්දා......ටහුඩු අර සීගිරි කස්සපයා සන්ග්ලාස් දෙකකුත් දාගෙන හෙඩා එක්ක ෆොටෝ ගහනවා....උගෙ අතේ බර ගානක ඇපල් ෆෝන් එකක්....
සල්ලි....පුතේ....සල්ලි....අර හොර මන්ත්‍රීයගෙ හොරා කාපු සල්ලි වෙන්නැති...යකො ඔව්වා අපේ බදු මුදල්.....

කාශ්‍යප අයියලා හිටියෙ කුකුලෙක් ඉන්න සුළං දිශා දර්ශකේ ගාව හිටගෙන....එතන දහතුනේ අය ලොකු ග්රූප් එකක් හැදිලා...
ඊටා මෙහා අපේ ක්ලාස් එකේ උන්....
මන් යසිරුවගෙ කර වටේ අත දාගෙන එතනට ළං වෙද්දිම නිකිණි මැද්දට පැන්නා

" අනේ....සුදූ අපේ ෆොටෝස් එකක් අරන්.."

නිකිණි ගෑව බටර් පාරට අහුවුණ මට වුණේ කොඳු කඩාගෙන කෙල්ලන්ගෙ ෆොටෝස් ගහන්න....එකක් කිව්වට කෙල්ලො කවද්ද එකකින් සෑහීමකට පත්වුණේ.....අරක ඇදයි මේක ඇදයි කලු වැඩියි සුදු වැඩියි...දාහක් ප්‍රශ්න..
කියන කියන විදිහට ෆොටෝ ගහලා යසිරුවයි මායි හිටියේ බාගෙට පණ ගිහින්....

Enchanter ♡ [Ala Adawwa Side Story]Where stories live. Discover now