Chapter 6

772 110 20
                                    



.
.
.

" ආහ්............... අයියේ............... "
.
.
.

මං වැටුනේ කාගේ හරි ඇගක් උඩට. කව්ද කියලාවත් නොබලා දඩි බිඩි ගාලා මං ඉක්මනට නැගිට්ටා. දෙයියනේ කෙල්ලෙක්. මං වැටිලා තියෙන්නේ කෙල්ලෙක්ගේ ඇග උඩට. ඒ කෙල්ල තාම බිම වැටිච්ච විදියටම ඉදං කෑ ගහනවා අයියේ කියලා පුදුම සද්දෙන්. තුවාල උනාද දන්නෑ. ෆක් මටත් වෙන්නේ මේ වගේ වැඩම තමා.මං ඒ ගර්ල් ලගට ගියේ එයාව නැගිට්ටවන්න හිතාගන.

" l'm extremely sorry. ඔයාගේ කොහේ හරි තු- "

" ආහ්.. යනවා යන්න අල්ලන්ම එපා මාව "

" වට්ද ෆක්!!!!! එහාට පලයං මිනිහෝ කෙල්ලෙක්ගේ ඇගට කඩං පැන්නා මදිවට තව අල්ලන්නත් එනවද "

එහෙම කියාගන එතනට ආව මගේම වයස වගේ කියන්න පුලුවන් කොල්ලා කෙල්ලව නැගිට්ටවන්න ගියපු මාව තල්ලු කරාම මං අඩි දෙක තුනක් පස්සට විසි උනා.

" ටාෂා.. බබා..ඔයාට නැගිටින්න පුලුවන්ද ?කෝ බලන්න තුවාලද ?  අවුලක් නෑ නේද? "

අර කොල්ලා එහෙම ඇහුවේ අර කෙල්ලගේ මූන අත පය බලන ගමන් මටත් රවාගන. ඇත්තටම මට අවුල් ගියා. මොකද වැරැද්ද මගේ. හිතලා නොකෙරුවත් කෙල්ලෙක්නේ දෙයියනේ. 

"නෑ නෑ කේන් අයියා ඉට්ස් ඕකේ මං බය උනා"

කෙල්ල කොහොම හරි කොල්ලව අල්ලන් නැගිට්ටා. එතකොටයි මං දැක්කේ මාරම ලස්සන කෙල්ලෙක්. බෝනික්කෙක් වගේ. කෙල්ලගෙ ඇස් වල කදුලු. ඇත්තටම රිදෙන්න ඇති මං ආව වේගෙත් එක්කන්. කෙල්ල මට කෑ ගහපු එකත් සාදාරණයි එහෙම බලද්දී. ඒත් අර කොල්ලා නං ඕනවට වැඩී වගේ කරපු නැති මගුල් කියද්දී අවුල් නැත්තේ කාටද? ඌ  මාව කන්න තරන් කේනිතියෙන් බලන් ඉන්නේ. ඌ මට වඩා උසයි. මසල්ස් එහෙම ගානට තියනවා. බැලුවම කීවැකි හොදට මේන්ටේන් කරන බොඩි එකක් කියලා. ඌ කොහොම බලන් හිටියත් තව පාරක් මං සමාව ගන්න හිතුවා. ඌ කොහොම හැසිරුනත් මෙතන වැරැද්ද මගේ නිසා. මට තිබ්බා ටිකක් පරිස්සන් වෙන්න.

" I'm so sorry ඇත්තටම මං දැක්කේ නෑ "

" සොරි කීවම ඔක්කොම හරිද මිනිහෝ ආ.. උබට ඇම්මද කෙල්ලන්ගෙ කරේ නගින්න !!! "

THEV | YOONMINDonde viven las historias. Descúbrelo ahora