මං මිරර් එකෙන් පේන මටම එහෙම කියාගනිද්දී මගේ ඇස් වලින් මිදෙන්න මේ වෙනකන්ම පොර බැදුව කදුලක් ඔහේ ගලාගන ගියා.
.
.
.
.
.
.
ඇයි මටත් සාමාන්‍ය ලමයෙක් වෙන්න බැරි? ඇයි මගේ ජීවිතේ මෙච්චර කාළකන්නි උනේ? කොතනද මට වැරදුනේ? මම අදත් හැමදාම මම මගෙන්ම අහගන්න උත්තර නැති ප්‍රශ්න එක්කන් විනාඩි ගානක් අතරමං උනා. එතකොටම වොෂ් රූම් එකේ දොර ඇරෙනවා ඇහුන නිසා මං ඉක්මනටම මූන හෝදගත්තේ කව්ද ආවේ කියලා වත් බලන් නැතුව. ආවෙ කව්රු උනත් ඉක්මනටම ස්ටෝල් එකක් ඇතුලට ගිහින් දොර වහ ගත්තේ පුදුම තරන් සද්දෙන්. මං මූනත් පිහදගන මාස්ක් එකත් දාගත්තේ මිරර් එකෙන් බලාගනම කොටට කපලා තියන කොන්ඩෙත් හදන ගමන්. අන්තිම බෙල් එකත් ගැහුවා. දැන්මම ක්ලාස් එකට ගියේ නැත්තං පන්සිල් ගන්න වෙලාව වෙද්දී මට මග ඉන්න වෙයි. මං යන්න ගිහිනුත් ආයෙම එකපාරම නතර උනේ මං පහුකරගන ගිය ස්ටෝල් එකෙන් ඇහුන සද්දෙත් එක්කන්. ඒක ඉකියක් කියලා මට තේරුනේ එතකොට. දැන් ඇතුලට ආව කෙනා කව්රු උනත් ඒ කෙනා දැන් මේක ඇතුලේ ඉදන් හොදටම අඩනවා. "Never Mind. කව්රු උනත් මට මොකද??" එහෙම හිතලා ආපහු යන්න හිතුවත් ස්පීකර්ස් වලින් ගාථා ඇහෙනවා ඇහෙද්දිම මං ඒ අදහස අතෑරගත්තා.මං හිටියේ වොෂ්රූම් එකේ බිත්තියකට හේත්තු වෙලා. දැන් announcements යන්නත් පටන් ගත්තා ඒ කියන්නේ මේක ඉවර වෙන්නත් ලගයි. දැන්ම එලියට යන්න කියල හිතුවත් මගෙ හිත කීවෙම තව ටිකක් ඉදපං කියලා. මොකද මේ ඇතුලේ ඉන්න එකා කව්රු උනත් ආව වෙලේ ඉදන් තාමත් හොදටම අඩනවා. මං හිතන දෙයක් තමා කව්රු උනත් වේදනාවෙන් ඉන්න වෙලාවක තනිවෙන්න හොද නෑ. මොකද මං හොදටම දන්නවා එහෙම උනාම දැනෙන හැගීම. ඒක.. ඒක. ගොඩක් නරකයි. ගොඩක් අමාරුයි.
එක පාරටම ඒ ස්ටෝල් එක ඇතුලෙන් ලොක් එක ඇරෙන සද්දේ ඇහෙද්දිම මං මිරර් එක ඉස්සරහට පැනලා කොන්ඩේ හදනවා මගේ හිටියා. එලියට ආව කොල්ලා මාව දැකලා හොදටම බය උනා. මං ඌ දිහා මිරර් එකෙන් බලාගන ඉද්දී උත් මට පිටිපස්සහ ඉදන් මිරර් එකෙන්ම මං දිහා බලාගන හිටියෙ එක මොහොතකදී උගෙ ඇසුයි මගේ ඇසුයි එකට යා උනා. කොල්ලගේ ඇස් දෙක හොදටම රතු වෙලා. කදුලු වලටම මූන පෙගිලා වගේ. සුදුම සුදු ලස්සන චූටි කොල්ලෙක් ඌ. ඌ කොච්චර සුදුයිද කියනවා නං මුලු මූනම රතුම රතු වෙලා. ඌට තිබ්බේ බළල් ඇස්. ඒ ඇස් වල තාමත් කදුලු. කොල්ලා බය වෙලා වගේ තප්පර ගානක් මං දිහා බලන් ඉදලා මට එහා පැත්තට ඇවිත් මූන හෝද ගත්තා. හරියට මං උදේ කරා වගේම ලේන්සුවෙන් මූනත් පිහා ගත්තේ මං දිහා බලන්නේ වත් නැතුව.
ESTÁS LEYENDO
THEV | YOONMIN
Non-Fictionතනිකම මට හුරුපුරුදු දෙයක්.. ඒත් හිතේ හිරකරන් ඉන්න ගොඩක් දේවල් ඉවසගන්න බැරිම වෙන දවසක් එනවා... අන්න එදාට මාව බේරගන්න කව්රුත්ම නැති වෙයිද ? #1 slff - Out of 170 stories #2 nonfiction - out of 1.5K stories #2 phsyco - out of 585 stories #2 phsycopath...