Chapter 7

777 100 35
                                    

.
.
.
.

" තේව්...පුතා ඇයි ලේට් උනේ.. අන්න නිෂ් ඔයා එනකන් බලං ඉදලා ඉදලම ගියා ඔයාට ජගත් එක්කන් එන්න කියලා "

" දැන්ද ?"

" දැන් ටිකක් වෙලා. රෙඩි වෙලා යන්න ලේට් වෙයි නැත්තං. වෙන වැඩ නැතුව නෙවෙයිනේ බබා ඔයා කියන කියන වෙලාවට එහෙ මෙහෙ එක්කන් යන්නේ. එහෙම කරලත් අයියාව රස්තියාදු කරන්න එපා.පව් කොල්ලා. "

මං මොකුත් නොකියම මගේ රූම් එකට යන්න හැරුනා. පව් ??? හොද පව්. මේවට මොනා කියලා කියන්නද මං. අම්මට හැමදාම ලොකු උනේ නිෂ් ව. ඉතිං මං ඒ මිනිහා අතින් දවසක මැරිලම ගියත් අම්මා නිෂ් ව අවිස්වාස කරන්නැති වෙයි. මට කේන්ති මට පුදුම කේන්තී. මං ගියපු වේගෙන්ම කාමරේ දොර හයියෙන්ම වහලා අත මිටිගුලි කරලා ගැහුවේ වහපු දොරටමයි. එතනම බිම ඉදගන මං කකුල් දෙක ලන් කරන් ඒ උඩින් මගේ ඔලුව තියා ගත්තා. ගහපු පාරට මගෙ අත හිරි වැටිලා. රිදෙනවා නොසෑහෙන්න. ඒත් ඊටත් වඩා මගේ හිත වේදනයි. මේ ලෝකෙ මං වෙනුවෙන් කව්රුත්ම නෑ කියලා දැනෙන හැගීම මේ වේදනා දෙන අතට වඩා අමාරුයි. මාව විස්වාස කරන්න කව්රුත් නෑ කියන හැගීම ඊට වඩා බරයි. කොච්චර දන්නවා උනත් අම්මා නිෂ් එහෙම කරයි කියලා පිලිගන්නේ නෑ කියලා දවසක මොනම හේතුවක් නිසා හරි මට ඒක කියන්න වෙලා අම්මා මගේ පැත්ත නොගෙන නිෂ්ව විස්වාස කරොත් දෙයියනේ මගේ පපුව පැලිලා මැරෙයි. මං ඒ යතාර්තයට බයයි. ඊට වඩා හොදයි මේ වගේ මැරි මැරී ජීවත් වෙන එක.

මං එහෙම්ම ඔලුව උස්සලා දොරට හේත්තු වෙද්දී කදුලක් ගලාගන ඇවිත් මගේ කම්මුලක් තෙමුනේ නිකන්මයි. ඉස්සර නං මං වරු ගනන් අඩනනවා. අඩලා අඩලා ඇස් රතු වෙනකන්ම ආයෙත් වැටෙන්න කදුලු ඉතුරු නොවෙන්නම. ඒත් කාලයක් යද්දී මං පුරුදු උනා. දැන් මේ දේවල් සාමාන්‍ය වෙලා. නිෂ් එන්න කීවොත් එනවා යන්න කීවොත් යනවා මෙහෙම කරපං කීවොත් එහෙම කරනවා කොටින්ම කීවොත් මට මැරෙන්න කීවොත් ඒත් මං මැරේවි. ඒ තරමට මං නිෂ්ගේ අල්ලෙ නටන බෝනික්කෙක් වෙලා. දැනෙන හැම වේදනාවක්ම මීක් නොකියා විදගන්න මං පුරුදු වෙලා. හරියට නිෂ් මාව ප්‍රෝග්‍රෑම් කරල වගේ.

THEV | YOONMINDonde viven las historias. Descúbrelo ahora