Chapter 8

743 96 29
                                    

.
.
.
.

රතු පාටින් එලිය උන මේ කාමරේ ඇතුලේ මං හිටියේ දාහක් දේවල් හිතේ තියන්. ඔව් මේක නිෂ් ගේ ප්ලේ රූම් එක. මෙතන මට හොදටම හුරු පුරුදුයි. මෙතන තියන නානාප්‍රකාර දේවල් එකක් නෑරම මං හොදට අදුරනවා. ඒ කොච්චරක්ද කියනවා නං එකින් එක දකිද්දී එකක් නෑරම ෆීල් වෙන විදිය මතක් වෙලා මගේ ඇගේ හිරියක් යන තරමටම. ඒත් මොකද්දෝ හේතුවකට මේ රතු පාට එලියට අවුරුදු ගානක් ගියත් මං පුරුදු වෙලා තිබුනේ නෑ. ඒ එලිය හැමදාමත් මාව බය කරා. කොටින්ම රතු පාට කියන්නේ මට අනුව තනිකර මූසල පාටක්. ඒ පාට දැක්කම මට මතක් වෙන්නේ ඒ ඇස්. ඔව් අඩවන් උන රතු පාට නිෂ් ගෙ ඇස්. ඒ වියරු හිනාව. ඉතිං රතු පාටට මම හැමදාමත් වෛර කරා.  දැන් අටට හොදටම කිට්ටුයි මට දැනෙන විදියට. අනිවායෙන් නිෂ් දැන් එනවා ඇති.

අද දවස ගැන මට හරිම මුස්පේන්තු හැගීමක් තියෙන්නෙ. මට බයයි. හොදටම බයයි. මං මෙතනට ආවේ මේ මාස හතරකින්. ඉතිං මට බයයි හුග දවසකින් නිසා මට දරා ගන්න බැරි වේවි කියලා. හෙට මට ඇවිද ගන්න පුලුවන් උනොතින් ඒ හොදටම ඇති. මං හැම වෙලේම වගේ නිෂ් කොච්චර කතා කරත් නිහඩව ඉන්නවා එක්කෝ ඉදලා හිටලා කට ගහගන යනවා ඒත් ඒ දෙකෙන් එකක් වත් මෙතනදී නොකර ඉන්න මං වග බලා ගත්තා. මොකද මෙතනදි ඉන්නේ තවත් නිෂ් කෙනෙක්වත් තේව් කෙනෙක් වත් නෙවෙයි. මෙතනදි ඉන්නේ මාස්ටර් කෙනෙකුයි මාස්ටර්ට අයිති  පෙට් කෙනෙකුයි විතරයි. එතකොට පෙට් විදියට මගේ එකම රාජකාරිය මාස්ටර්ව ප්ලෙෂර් කරන එක. ඒක විතරමයි. එතනින් එහාට කිසිම දෙයක් බෑ. ඔව් එහෙම තමයි නිෂ් මාව මෙතනට එක්කන් ආව පලවෙනිම දවසේ කීවේ. මම ඒ වචනෙට පිටින් ගිහින්ම නෑ අඩුගානේ එකම එක වතාවක් වත්. වරදක් උනොතින් දඩුවම කෲරයි. ඉතිං මං හැමදාමත් වැරදි නොකර ඉන්න වග බලා ගත්තා. හිතලා නොකරපු පොඩි වරදකට පවා සමහර දවස් වලට දවස් ගනන් ඇවිදින්න බැරි වෙන තරමට දේවල් සිද්ධ උනා. ඉතිං මං ප්‍රවේසම් වෙනවා ඕනවා ටත් වඩා.

නිෂ් මෙතනට මාව එක්කං ආව පලවෙනි දවසෙම මට සේෆ් වර්ඩ් එකක් දුන්නා. දෙයක් දරාගන්නම බැරි උනොතින් ඒක කියන්න පුලුවන්. එතකොට හැම දේම තවදුරටත් කරන එක නතර කරනවා කීවා. ඒක තමයි සීමාව කීවා. ඒත් මං කවදාවත්ම ඒක කියලා නෑ. අඩු ගානේ එකම එක වතාවක් වත් නෑ. නිෂ් මට කොච්චර වේදනා දුන්නත් සිහිය නැති වෙනකන් හරි ඉවසන් කාගන ඉන්නවා ඇරෙන්න මං ඒක කියන් නෑ. ඒ ඇයි කියන්න මං දන්නේ නෑ. ඒ දේවල් කරද්දී මගේ හිතේ තියන හැගීම පවා අදුරගන්න බැරි මම සමහර විට ඒක කියන්න ඕන කොතනදිද කියලා දන්නේ නැතුව ඇති. නිෂ්ගේ එකම එක ස්පර්ෂයක් පවා ශාරීරිකව නැතත් මානසිකව මට දරාගන්න බැරි තරමට රිදවනකොට මම ඒ වචනේ කියන්නේ කොතනටද කියලා මට හිතා ගන්න බෑ. දෙයියනේ එක බඩවැල කඩන් නාවත් තමන්ගෙම සහෝදරයා ඒ. එහෙම කෙනෙක් තමන් දිහා වැරදි විදියට බැලුවත් මනුස්සයෙක්ට දැනෙන හැගීම මැනලා බලන්න බැරි තරම් වේදනාවක් වෙනකොට මං කොහොමද ඉවසන්නේ මට වෙන දේවල් එක්ක. ඒ එක ස්පර්ශයක් පවා මට දරාගන්න අමාරු වේදනාවල්. ඉතිං මම කොතනටද ඒ වචනේ කියන්න ඕන ?

THEV | YOONMINWo Geschichten leben. Entdecke jetzt