Q & A

466 60 26
                                    

1. නිෂ් කියන්නෙ ඇත්තටම ජීවත් වෙන මනුස්සයෙක්ද?
ඔව් බට්ටිත්තනේ... නිෂ් ජීවත් වෙන කෙනෙක්.

2. නිෂ් කියන්නෙ මැරයෙක්ද? මාෆියා කාරයෙක්ද?

නිෂ් කියන්නේ රහස් ගොඩක් හංගන් ඉන්න මනුස්සයෙක්. එයා එහෙම කෙනෙක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. එයා ඇත්තටම කව්ද කියලා හොයාගන්න තැනට තාම ඇවිත් නෑ. අපි ඉස්සරහට බලමු ඒක. නිෂ් කියන්නේ මාරම ගොඩක් powerful කෙනෙක් කියලා විතරක් දැනට මතක තියා ගන්න. ඒත් කතාවේ මේ වෙනකන්ම නිෂ්ව හොදින් අධ්‍යනය කරපු කෙනෙක්ට මේ ප්‍රශ්නෙට උත්තරේ ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්.

3. නිෂ් කියන්නේ කාලෙකට කලින් තේව් ගේ life එකේ හිටපු ඒත් දැන් නැති කෙනෙක්ද?

නෑ බට්ටිත්තනේ. නිෂ් කියන්නේ දැනටත් තේව් ගේ life එකේ ඉන්න කෙනෙක්. එයා තේව් ගේ හිතලුවක් නෙවෙයි.

4. තේව් නිෂ්ව imagine කරගන ඉන්නවද?

නෑ ලමයි. තේව් කියන්නෙ හොද සිහියෙන් ඉන්න කොල්ලෙක්. එයා ගොඩක් නිෂ්ශබ්ද උනාට එයාගෙ වටපිටාව ගැන හොද මීටරෙන් ඉන්නේ. නිෂ් එයාට පේන්න ආවේ නැතුවට එයා ලගම ඉන්නවා කියලා තේව් දන්නවා. එයාට දැනෙනවා. ඒකයි එයා හැම දෙයක් ගැනම සැකෙන් බලන්නෙ. එයාගෙ අයියව හොයන්නේ. නැතුව එයා imagine කරගන නෙවෙයි. තේව්ට මොනවා හරි ගැන සැක නම් අනිවාරෙන් ඔයාලත් ඒ දේ සැක කරන්න මොකද තේව්ට තියෙන්නෙ හොද ඉවක්.

5. ඩොක්ටර් කීව scars එදා රෑ නිෂ් කරපු දෙයක් නිසා හම්බුන ඒවද?

නෑ බට්ටිත්තනේ.. ඩොක්ටර් කීවේ පිටට පේන්නේ නැති තැන් වල තියන පරන scars ගැන. තේව් ව hospitalized කරද්දි එයාට සිහිය තිබ්බේ නෑ මතකනේ. ඉතිං තේව් හැමෝගෙන්ම හංගන් ඉන්න scars ඒගොල්ලෝ දැකලා වෙන්න පුලුවන්. එහෙම scars තියන එක අසාමාන්‍යයිනේ මනුස්සයෙක්ගේ. අනික තේව් 18 ට අඩුයි. ඒ කියන්නේ තාම ලමයෙක්නේ. එහෙම දේවල් උනාම හොස්පිටල් වලින් ඒ දේවල් ගැන හොයනවා. දෙමව්පියන් දැනුවත් කරනවා.

6. scars self harm ඒවද?

නෑ බට්ටිත්තනේ.. මතකනේ නිෂ්ගේ තියරිය. තේව්ට රිද්දන්න පුලුවන් නිෂ් ට විතරයි. අඩුම තේව් ට වත් බෑ එයාටම රිද්ද ගන්න. ඉතිං එතකොට තේව් ට self harm කර ගන්න කොහෙත්ම ඉඩක් නෑ. ඒ scars නිෂ් නිසා ඇති උන ඒවා...

7. තේව් කේන්ගෙන් නිෂ් ගැන අහපු වෙලේ කේන් තේවගෙන් ගැලවෙන්න හැදුවේ නැත්තේ ඇයි? තේව්ට කැමති නිසාද?

අපොයියෝ... කොහොමත් නෑ... කැමැත්ත කියන එකේ ලගටවත් ඇවිත් නෑ ඒ දෙන්නා තව. කේන් ඒ වෙලාවේ බය වෙන්න හේතුව ඉස්සරහට දැනගන්න ලැබෙයි...



_____________________________

හලෝ... බට්ටිත්තනේ...

තව ප්‍රශ්න තියේ නං අහන්නෝ.....

අගහරුවාදා එන්නාම්....

THEV | YOONMINWhere stories live. Discover now