CLOSER TO YOU - 02

44 8 5
                                    

එක පාරටම ඇහුණු ජන්කුක්ගේ සද්දෙයි තව දෙයක් වැටෙන සද්දෙයි ඇහිලා ටේයි කෙල්ලයි රූම් එකෙන් එළියට දුවගෙන ආවේ මොකක්ද වුණේ කියලා බලන්න..

"ජන්කුක්!.. මොකද මේ??"

"බලන්න හ්‍යුන්ග් මේ කෙල්ල කරන්න හදපු වැඩේ!"

එතකොට කට්ටියම බැලුවේ බිම වැටිච්ච කැමෙරා එකක් දිහා බලන් හිටපු කෙල්ලෙක් දිහා..

"මං එනකොට මේ කෙල්ල හැදුවේ මෙතන ඉදන් ඔයාලගේ ෆොටෝස් අරගන්න.. සෙසන්ග් කෙනෙක්ද කොහෙදො"ජන්කුක් කිව්වේ ග්ලාස් වින්ඩෝ එක පෙන්නලා කෙල්ලට රවාගෙනමයි..

"ඒත් ජන්-"ටේට එයා කියන්න හදපු දේ ඉවර කරන්න කළින් කෙල්ල බිම වැටිච්ච කැමරා එකත් අරගෙන දුවලා ගියේ ඇස් දෙකේ ලාවට කදුළුත් පුරෝගෙන..

"නාරි! කොහෙද දුවන්නේ?"ටේගෙ ගර්ල් දුවපු කෙල්ලට කතා කරපු නිසා ජන්කුක්ගෙ ඇස් දෙක නිකම්ම ලොකුවෙලා ගියා..

"ජන්කුක්! මොකක්ද ඒ කරේ ආ"ටේ ඇහුවේ සද්දෙත් ටිකක් වැඩි කරලා..

"ටේ! ඒකට කමක් නෑ.. ජන්කුකී දන්නේ නෑනේ තාම.. ජන්කුක්! මං නාබි.. ටේගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්.. එතකොට දැන් අර දුවන් ගියේ මගේ නංගි.. නාරි.. එයා කොයිවෙලෙත් කරන්නේ ඔය වගේ වැඩ තමයි.. දැන් කැමරා එකත් උස්සන් එන්න ඇත්තේ හොරෙන් අපේ ෆොටෝස් ගන්න තමා.."

"මි.. මියා-"

"ඒකට කමක් නෑ අනේ.. ඔයා එයාට බැනපු එකත් හොදයි.. දැන් මෙතන හිටන් ඉදලා ඔය දෙන්න ඉස්සරහින් තව කැමරා ගොඩක් මතු වෙයිද දන්නේ නෑ.. එන්න ඇතුළට.."

නාබිගේ කැබින් එකට වෙලා තුන් දෙනත් එක්ක හවස් වෙනකම්ම කතා කර කර හිටියා.. ජන්කුක්ටත් ගොඩක් සතුටුයි නාබි වගේ හොද කෙල්ලෙක් ටේට ලැබුණට..ඒත් හිත ඇතුළෙන් තවමත් මැකුණු නැති වැරදි හැගීමක්, ලැජ්ජාවක් ජන්කුක් ළග තිබුණා..


"හ්‍යුන්ග්.."

ඩෝම් එකට වෙනකම්ම කිසිම කතාවක් නැතුව හිටපු ජන්කුක් ආයෙත් ටේට කතා කරේ ඩෝම් එකට ආවට පස්සේ කවුරුත් ළග පෙන්න හිටපු නැති වෙලාවක..

"කියන්න ජන්කුක්.."

"මං කරපු වැඩේ වැරදියි නේද?"

GOLDEN [JUNGKOOK FF]Where stories live. Discover now