STANDING NEXT TO YOU - 02

30 7 0
                                    

ටේගෙ සෝලෝ එකේ වැඩත් ඉක්මනට ඉවර වුණා වගේම ඒක ගොඩක් සාර්ථක වුණා.. ප්‍රමෝශන් වැඩත් ඉවර කරගත්තට පස්සෙ ටේට ආයෙමත් නාබි එක්ක වෙනදා වගේ කතා කරන්න වෙලාව තිබුණා.. ඒ වගේම තමයි නාරියි ජන්කුකයි.. කාගෙවත් මැසේජ් එකක් බලන්නෙ නැති එයා, නාරිගෙන් තවත් පිස්සු මැසේජ් එකක් එනකම් හැමදවසකම අවසානේදි බලන් හිටියා.. එයාගෙ කාර්‍යබහුල දවස්වල ලස්සන අවසානේ ඒකයි.. දවසින් දවස කාටවත්ම නොදැනී ඒ දෙන්නත් ළං වෙලයි තිබුණේ..



"නාරි!! ඔයා රෙඩි වෙලානේ.. දැන් ‍යන්න ඕනි"

"මේ එනෝ"

අද නාරිට සතුටු හිතෙන දවසක්.. මොකද තව සීනීයර්ස්ලා කිහිප දෙනෙක් එක්ක නාරිටයි සන්ග්හූන්ටයි අද හයිබ් එකේ ගර්ල් ගෘප් එකක් එක්ක ඉන්ටර්වීව් එකක් කරන්න තිබුණා.. නාරි කවදාවත් අයිඩල් කෙනෙක්ව ඉන්ටර්වීව් කරලා තිබුණේ නෑ.. ඊටත් වඩා හයිබ් එකට යන්න ලැබෙන එකටයි එයා සතුටු වෙලා හිටියේ..

හයිබ් එකට ගියපු එයාලට හිතුවටත් වඩා හොදට ඉන්ටර්වීව් එක කරගන්න පුළුවන් වුණා.. ගෘප් එකේ අයිඩල්ස්ල වගේම මේ රිපෝටරිස්ලත් ගොඩක් විනෝදකාමී වුණු නිසා මේ ඉන්ටර්වීව් එකට හොද ෆීඩ්බැක් එකක් ලැබෙයි කියලයි හැමෝම විශ්වාස කළේ..


"ජීහී ඔන්නී!! අනේ අනේ ප්ලීස්ස්ස්.."

"නාරී! අනේ මන්දා මේ කෙල්ල නම්.. හරි හැබැයි විනාඩි විස්සයි.. තේරුණාද?"

"දේ.. කුමෝවෝ ඔන්නී"

"තව දෙයක්.. සන්ග්හූන් එක්කම ඉන්න ඔනී.. ඔයාව මෙහේ අතරමං වුණොත් අපි නම් හොයන්න එන්නෙ නෑ.."

නාරි අඩල වැලපිලා, දාන්න පුලුවන් ඔක්කොම උප්පරවැට්ටි ටිකත් දාලා එයාගෙ සීනියර්ව කැමති කරගත්තේ හයිබ් එකේ වටයක් ගහල එන්න.. ආයෙත් මේ වගේ අවස්ථාවක් නොඑන්නත් පුළුවන්නෙ..

~        ~         ~        ~       ~        ~        ~         ~

"හ්‍යුන්ග්.. අපි ලයිව් එක පටන් ගන්නෙ කීයටද?"

"තව ටික වෙලාවක් ඉන්න වෙනවා කුක්.."

"එහෙනම් මං වොශ් රූම් එකට දුවලා එන්නම්?"

GOLDEN [JUNGKOOK FF]Where stories live. Discover now