SEVEN - 02

33 9 0
                                    

"ඔයා දන්නේ නෑනේ.. මට අමතක වුණා.. හී.. මං ජර්නලිස්ට් කෙනෙක්.."

"අහ්.. ඔයා කොහේද වැඩ කරන්නේ?"

"KBC (Korean Broadcasting co-operation) එකේ"

"නාරී!!! මේ ඉන්නේ දෙන්නම.. අපි දැන් යන්න ඕනි"

"හරි ඔන්නී.."

එහෙම කියපු නාරිට එබේම බැලවුනේ ජන්කුක් දිහා.. නාරි ජන්කුක්ට පොඩි හිනාවක් දුන්නා..

"චල්චයෝ.."

~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ ~ 

සතියක් විතරම ගෙවිලා ගියා.. තම තමන්ගේ සාමාන්‍ය, කාර්යබහුල ජීවිතවල වහල්ලු වගෙයි හැම කෙනෙක්ම දවස ගෙවන්නේ.. එකම විදිහට ගෙවන මේ ජීවිතේ, මේ දවස්වල නම් ගොඩක්ම සතුටින් හිටියේ ටේයි, නාබියි.. ඒ දෙන්නට සාමාන්‍ය කපල්ස් වගේ හැමදාම හම්බවෙන්න, ඩේට්ස් යන්න බැරි වුණාට, දෙන්නගෙ ආදරේ දවසින් දවසම ශක්තිමත් වෙනවා.. ශිෆ්ට්ස් ඉවර වුණු ගමන් ටේට කෝල්ස් ගන්න නාබි අමතක කරේ නෑ.. ටේත් පුළුවන් හැම විදිහකින්ම එයාගෙ කෙල්ල ගැන හොයලා බැලුවා.. ආදරේ කරන්න, ඇස් ළගටම වෙලා ඉන්න ඕනි නැති බව ඒ දෙන්නා හරි ලස්සනට ඔප්පු කළා..

"අයිස් කොෆී එකක් දෙන්නෝ.."

නාරි කැෆේ එකට ඇතුල් වෙන ගමන්ම කෑ ගහගෙන කිව්වා.. කැෆේ එකම එයා දන්න නිසා හොදයි.. කොහොමත් නාරිට අමුතුවෙන් ඕ‍ර්ඩ‍ර් එකක් දෙන්න ඕනි නෑ.. මේ කැෆේ එකට ආපු පළවෙනි දවසෙ ඉදන් නාරි බොන්නේ එයාගෙ කොෆීම තමා.. මේ කැෆේ එක තමයි KBC එක ළගින්ම තියෙන්නේ.. කොටින්ම කිව්වොත් එහාපැත්තේ.. ඒත් KBC එක එක්ක බලන්කොට කැෆේ එක ගොඩක්ම පොඩියි..

KBC කියන්නෙ දකුණු කොරියාවේ ලොකුම ආයතනයක්.. උදේ, රෑ වෙනසක් නැතුවම එතන ගොඩක් කාර්යබහුලයි.. ඉතින් එතනින් එළියට ඇවිත් මේ කැෆේ එකට ඇතුල් වුණු ගමන්ම මහන්සියත් නැතිවෙලා යන තරමටම කැෆේ එක සෝල්වල අහස උසට නගින බිල්ඩින්ස් වලට වඩා වෙනස්..

අදත් නාරි ඇවිත් තිබුණේ වැඩ ඉවර වුණු ගමන්මයි.. වෙනදට සන්ග්හූන් එක්ක ආවත්, අද සන්ග්හූන්ට කළින් ගෙදර යන්න වුණු නිසා නාරි ආවේ තනියමයි..

කොෆී එකත් ළගට අරගෙන නාරි හිටියේ එයාට හෙට දවසට තියෙන ශෙඩියුල් එක බලන ගමනුයි..

GOLDEN [JUNGKOOK FF]Where stories live. Discover now