PLEASE DON'T CHANGE - 02

38 7 2
                                    

"යාහ්හ්හ්හ්හ්හ්!!! මේක අදින්නම ඕනිද අනේ???"

"මරන්න ගෙනියනවා වගේ කෑ ගහන්න එපා පිස්සියේ!"

"මේක ඇදන් ඉන්නවට වඩා ඒකත් හොදයි" නාරි කිව්වෙ පොඩි ළමයෙක් වගේ ඔරවගෙන..

කොහොමෙන් හරි දවස් ගාණක් හිතලා හිතලා සන්ග්හූන්, නාරි දෙන්නා තීරණය කළා දකුණු කොරියාවේ මේ කාලයේ විශාලතම මත්ද්‍රව්‍ය ව්‍යාපාරය හසුරවන ලෝකෙටම රහසක් වුණු පුද්ගලයා ගැන පොඩි හෝ හෝඩුවාවක් දැනගන්න අඩියක් තියන්න..

ඔව්! නාරි , සන්ග්හූන් දෙන්නම ලෑස්ති වෙලා ඉන්නේ ජර්නලිස්ට්ලා දෙන්නෙක් වගේ නැතිව සාමාන්‍ය දෙන්නෙක් විදිහට ක්ලබ් එක විසිට් කරන්න.. නාරිට මේ වැඩේට එකග වුණේ සන්ග්හූන්ව තනි කරන්න බැරි නිසා මිස එයාට මේ වැඩේ ගැන විශ්වාසයක් නොතිබුණාට සන්ග්හූන් විශ්වාස කළා මේ ගමනෙන් එයාලට ප්‍රතිඵලයක් ලැබෙයි කියලා..

කොහොමවුණත් මේ ගමනට අදින්න වුණු ශෝට් ස්කර්ට් එකටයි පටි අත් තියෙන ටොප් එකටයි නම් නාරි ටිකක්වත් කැමති වුණේ නෑ.. ඒ ගැන එයාට තිබුණේ මැසිවිලිම විතරයි..

"අනේ හූනෝ මං කොහොමද මෙහෙම පාරේ යන්නේහ්හ්හ්හ්??"

"දැන් ඕක නවත්ගන්න නාරියා~~ අනික ඔහොම ලස්සනයිනෙ ඔයා"

සන්ග්හූන් කිව්වෙ නාරි දිහා බලලා ඇහැකුත් ගහන ගමන්.. ඒත් ඒකෙන් වුණේ නාරිගේ සයිඩ් බෑග් එකෙන් සන්ග්හූන්ට තවත් පාරක් ලැබුනු එක විතරයි..



රෑ හතට විතර නාරිවත් ඇදගෙන කාර් එකෙන් ක්ලබ් එකට එන්න දෙන්නට පුලුවන් වුණා.. මෙතනට කළින් කවදාවත්ම ඇවිල්ලා නැති නිසාමද මන්දා එන්ට්‍රන්ස් එක ළගම දෙන්නගෙම කකුල් නැවතුණේ ක්ලබ් එකෙන් එළියත් මේ වගේ නම් ඇතුළ මොනතරම් නම් සුඛෝපභෝගී වෙන්න ඇතිද කියලා මොහොතකට හිතන ගමන්..

නාරි අඩියක් තියන්න හැදුවත් සන්ග්හූන් එයාගෙ අතින් අල්ලගෙන නාරිව නවත්තගත්තා..

"ව්- වේ??"

"මොනදේ වුණත් මාත් එක්කම ඉන්න ඕනි තේරුණාද? කිසිම කෙනෙක් එක්ක කතාවට යන්නත් එපා.. කවුරුහරි ඇහුවොත් කියන්න මං ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා.. හරිද?"

GOLDEN [JUNGKOOK FF]Where stories live. Discover now