අවුරුදු හයකට පසු..
"හැමදේම හරි නේද?!"
"ඒයි ජිමිනා අන්න ඔයාට කතා කරනවා"
"ආර්හ්හ් මොන මගුලක්ද!?! දැන් මේ මනුස්සයා බදින්නෙ මාවද? ඇත්තමයි මං දැන් මේකෙන් දෙකෙන් එකක් බේරගන්නවා"
"කෝ මෙතන තියලා තිබ්බ මල් බොකේස් ටික?"
"ප්‍රියස්ට් ඇවිල්ලද ඉන්නෙ?"
"යුන්ගියෝ අදවත් නිදාගන්නේ නැතුව ඉන්නවකො පොඩ්ඩක්"
"නිදාගන්නෙ නැතුව ඉන්න මං ඈ හනිමූන් යන්නෙ මගුල!?"
"හොබී ඔය කෑම එකට අත නොදා ඉන්නවා"
"ජින් හ්‍යුන්ග්! ඔයාගෙ ජිනායා අඩනවා නූනාට නලවගන්න බෑලූ"
"කෝ හැමෝම ලෑස්ති වෙලා නේද ඉන්නෙ?"
"අනේ මං මේකට කැතයිද බලන්නකෝ ඔප්පා"
"ජූනී!! අනේ මේ ශූ එක හිරවෙනවනෙ"
"ගායිස්ස්!! තව විනාවි පහයි!!"
_
_
_
_
_
"Now you may kiss the bride"
දහසක් අත්පොළසන්, ප්‍රීති ඝෝෂා මධ්‍යයේ කිම් ටේහ්‍යුන්ග් කිම් නාබිව සිපගත්තෙ ඒ දෙන්නගෙ ජීවිතෙ වැදගත්ම දවසක් සනිටුහන් කරන ගමනුයි..
"යූහූහූහූහූහූහූ!!!"
"ඊළගට ඉතින් ඔයයි මායි තමා"
හැමෝගෙම අවධානය අද තිබුණේ නාබි ළග වුණාට ජියොන් ජන්කුක්ට නම් අදවත් ඒක වලංගු නෑ.. දණහිසට ටිකක් උඩින් වෙන්න තිබුණු දිලිසෙන සුදු ගවුමක් ඇදගත්තු නාරි ළගයි අදත් ජන්කුක්ගෙ ඇස් දෙක!
කැරලි කොණ්ඩෙත් වන වන හීල්ස් දෙකත් දාගෙනම උඩ පැන පැන එයාගෙ ඔන්නිටයි, ටේ ඔප්පටයි චියර් කරමින් හිටපු නාරිව මිනිස්සු මැද්දෙම ජන්කුක් පිටිපස්සෙන් බදාගෙන කනට කරලා එහෙම කිව්වෙ මේ වෙනකොටත් අනිත් හැමෝම විවාහ වෙලා හිටපු නිසයි..
"ඔමෝ! ඔව්මයි නේහ්හ්හ්"
නාරි උඩ පනින එක නවත්තලා ජන්කුක් අත්වලට මැදිවෙලා එහෙම කිව්වෙ ඇස් දෙකත් ලොකු කරගෙනමයි..
YOU ARE READING
GOLDEN [JUNGKOOK FF]
Fanfictionසමහර මිනිසුන්ට පොරොන්දු දෙන්න ගොඩක් ලේසි ඇති.. ඒ පොරොන්දුවක වටිනාකම දන්නේ නැති නිසයි.. එයාලා නොදන්නවා වුණාට ඒ එක පොරොන්දුවක් තමන්ට ජීවත් වෙන්න තියෙන එකම හේතුව කරගත්තු මිනිස්සු ඕනි තරම් ඇති..නැත්නම් ඒ දුන්නු පොරොන්දුව අමතක කරන්න බැරි නිසාම නිහඩව විදව...