SOMEBODY - 02

19 4 0
                                    


"මේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්නය පිළිබදව ඔබතුමාගේ අදහස මොකක්ද? මේ දේවල් ඇත්තක්ද?"

"ඇත්ත වශයෙන්ම, අද මම මේ ඉන්න තැනට එන්න මට ගොඩක් මහන්සි වෙන්න වුණා, අනිවාර්‍යෙන්ම! මගේ මේ ගමන අතරතුරේදී මට උදවු කරපු මිනිස්සු බොහොමයක් වගේම මට හරස් කපපු මිනිස්සුත් ඉහේ කෙස් තරමටම මුණගැහුණා.. ඒ කොහොම වුනත් මට අද මේ තැනට එන්න පුලුවන් වුණා මගේම මහන්සියෙන්.. ඒ වගේම තාමත් මගේ කකුළෙන් අදින මිනිස්සු මගේ වටේට ඕනි තරම් ඉන්නවා.. ඒ අය ඒදේ කරන්න ඕනම විදිහේ පහත් වැඩක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ..මම හිතනවා ගොඩක් අයට ඒබව තේරෙන වග.. මට මුහුණ දෙන්න වුණු දේවල් එක්ක බලද්දී මේකත් තව එක පොඩි දෙයක් විතරයි.. "

"එහෙනම් ඔබතුමා අදහස් කරන්නේ මේ හැමදෙයක්ම කුමන්ත්‍රණයක් කියලා.. එහෙමද පාක් යුන්ෂික්-ශී?"

"අනිවාර්‍යෙන්ම.. නිර්නාමික සමාජ මාධ්‍ය ගිණුමකින් මා ගැන පළ කරලා තියෙන තොරතුරු සියල්ලම අසත්‍යයි.. ඒ වගේම මේ ව්‍යාජ තොරතුරු පළ කරපු පුද්ගලයා ගැන සෙවීම් දැනටමත් අප ආයතනය විසින් ආරම්භ කරලයි තියෙන්නේ.."


"ආර්හ්! මොන මගුලක්ද?" මාධ්‍ය හමුව බල බල හිටපු නාරි ෆෝන් එක පැත්තකට විසි කළේ යුන්ෂික් මිනිස්සුන්ගෙ හිත දිනාගන්න තමන්ට තියෙන දක්ෂතාව පෙන්වන ගමන් පහසුවෙන්ම හැම චෝදනාවකින්ම තමාව නිදහස් කරගන්න හැටි හොදින්ම දැක්ක නිසයි..

"දැනට තමුන් බේරුණා කියලා හිතාගන්න මිස්ට. යුන්ෂික්! ඒත් මේ සෙල්ලම මං ඉක්මනටම ඉවරයක් කරලා දානවා.." නාරි එහෙම හිතා ගත්තත් ඒ දේ කරන්න ඕනි කොහොමද කියන  එක ගැන හරියටම වැටහීමක හිටියේ නෑ.. මේ හැමදේම පැටලැවිල්ලක්..

සන්ග්හූන් අතුරුදහන්..

මේ තාක් සන්ග්හූන් එක්ක තමන් හොයපු, දකුණු කොරියාවේ මහා පරිමාණික මත්ද්‍ර්‍යව්‍ය ව්‍යාපාරිකයා, කොරියාවෙම විශාලතම බහුජාතික විනෝදාස්වාද සමාගම වන HYBE හි නව විධායක නිලධාරියයි..

ඒ වගේම මේ වෙනකොට මේ දේ ගැන සන්ග්හූන් ඇරෙන්න දැනගෙන ඉන්නේ තමන් විතරමයි..

GOLDEN [JUNGKOOK FF]Where stories live. Discover now