ජීවිතේ එක විදිහකට ගලාගෙන යන්නෙ නෑ.. ගගක් වුණත් ගලන්නෙ ගල්මුල්වල හැපීගෙනයි.. ඒ නිසයි ගගක් වුණත් ලස්සන.. රැල්ලක්වත් නැති නිශ්චල ජලයක මොනවගෙ නම් ලස්සනක්ද?
ඒ වගේමයි ජීවිතයක ලස්සන,වටිනාකමත් වැඩිවෙන්නේ.. හැමකෙනෙක්ටම තමන් මුහුණ දෙන්න අකමැති, හිත් රිදෙන සිදුවීම්වලට මුහුණ දෙන්න වෙනවා.. ඒ දේවල් නිසා හිත් තවත් ශක්තිමත් වෙනවා..පරිණත වෙනවා.. අත්දැකීම් එකතු වෙනවා..
කාලය! කාලය ඇහැට පෙනෙනවත්, අතට අහුවෙනවත් දෙයක් නොවෙනකොට කාලය යනුවෙන් යමක් මේ තරමටම මිනිස්සුන්ගෙ ජීවිතවලට බැදුණෙ කොහොමද? කාලය යනුවෙන් දෙයක් නැතිවෙන්නත් පුළුවන්නෙ? ඒ කොහොම වුණත් කාලය කියන්නෙ ගොඩක් දේවල්වලට විසදුමක්..
සමහර දේවල් කාලය විසින් නිකම්ම විසදනකොට, තවත් සමහර දේවල්වලට විසදුම් හොයාගන්න කාලය ලැබෙනවා.. කෙසේවෙතත් හැමදේම හැමදාම එකම විදිහට පවතින්නෙ නෑ.. කාලය නිසා හැමදේම වෙනස් වෙනවා..දවසින් දවස ගෙවීගෙන යන අතරේ ගොඩක් දේවල් සාමාන්‍ය අතට හැරෙන්න පටන් අරන්.. ජන්කුක් අන්තිමේදි සේවොන්ට යන්න දෙන්න අමාරුවෙන් හිත හදාගන්න තීරණය කළා.. සේවොන් එයා කැමති තැනකට වෙලා සතුටින් ඉන්නයි ජන්කුක්ටත් ඕනිකරේ.. ඒත් එහෙම හිතහදාගන්න එක, දවසකින්, හිතුණු පලියට කරන්න ගොඩක් අමාරුයි.. මොනාවුණත් ජන්කුක්ගෙ හදවතට ආදරයක් දැනෙන්න මුලින්ම සැලැස්සුව කෙනා තමයි එයාගෙ සේවොන්.. ඒත් ජන්කුක් පරණ දේවල්වලම තවදුරටත් ගිලිලා ඉන්නෙ නැතුව දෙන්නටම හොදක් වෙන්න වර්තමානයේ ජීවත් වෙන්න පටන්ගත්තා..ජන්කුක් හොස්පිට්ල්එකෙන් ඩිස්චාර්ජ් වුණා වගේම හ්‍යුන්ග්ලත් එක්ක තවත් ළංවුණා.. පහුගිය කාලෙ වුණු දේවල් නිසා ජන්කුක් හිටපු තත්වෙත් එක්ක හ්‍යුන්ග්ලට හිතුණේ එයාලා ඒ අමාරු කාලෙදී ජන්කුක් එක්ක හිටියෙ නෑ වගේ.. ඒ පසුතැවීම ගෙවලා දාන්න වගේම ආයෙත් ඒ වගේ දෙයක් නොවෙන්න හ්‍යුන්ග්ලා ජන්කුක්ව තවත් හොදින් බලාගන්නවා.. වයස කීයක් වුණත් ජන්කුක් කියන්නෙ හැමදාටම ඒ හයදෙනාගෙ පොඩි එකා..
~ ~ ~ ~ ~ ~
"ජන්කුක්! ආර් යූ රෙඩි නව්?"
"අහ්! ඔහ් හ්‍යුන්ග්.. අනේ මන්දා හ්‍යුන්ග්.. ටිකක් බයත් හිතෙනවනෙ.."
YOU ARE READING
GOLDEN [JUNGKOOK FF]
Fanfictionසමහර මිනිසුන්ට පොරොන්දු දෙන්න ගොඩක් ලේසි ඇති.. ඒ පොරොන්දුවක වටිනාකම දන්නේ නැති නිසයි.. එයාලා නොදන්නවා වුණාට ඒ එක පොරොන්දුවක් තමන්ට ජීවත් වෙන්න තියෙන එකම හේතුව කරගත්තු මිනිස්සු ඕනි තරම් ඇති..නැත්නම් ඒ දුන්නු පොරොන්දුව අමතක කරන්න බැරි නිසාම නිහඩව විදව...