PLEASE DON'T CHANGE - 01

28 7 1
                                    

සතියකට විතර පස්සේ නාරි ආයෙත් කම්පැනි එකට යන්නෙ අදයි.. නාබිගෙන් කම්පැනි යන්න අවසර ලැබුණේ අදයි කිව්වොත් වඩා නිවැරදියි.. පහුගිය සතියෙම නාරිට උණ අරගෙනයි තිබුණේ.. නාරි මෙච්චරටම දුර්වල වුණේ උණ නිසාම නෙවෙයි, හැගීම් නිසයි බව දැනන් හිටියේ එයා විතරමයි..

නාරි රෑට ඇඩුවේ නෑ.. එයාගෙ ඇස්වලින් එයාටත් නොදැනිම කදුළු බේරුනා.. නාරිට තේරෙන්නෙත් නෑ මෙච්චරටම දුක් වෙන්නෙ ඇයි කියලවත්.. කොච්චර වැඩ තිබුණත් ටේත් දවසක් දෙකක් නාරිව බලන්න එන්න අමතක කළේ නෑ.. ටේ ආවෙත් නිකම්ම නෙවේ අනිත් සමාජිකයන්ගෙන් නාරිට උණුසුම් පණිවිඩත් එක්කමයි.. ඒත් ජන්කුක් ගැන.. කිසිම දෙයක් නෑ.. 'ඇයි මං ජන්කුක්ව බලාපොරොත්තු වුණේ?' 'ඇයි මට එයා නිසා රිදෙන්නේ?' නාරි මේ ප්‍රශ්නම නැවත නැවතත් තමන්ගෙන්ම අහගත්තා.. නාරි හොදින්ම දන්නවා තමන්ගෙ සතුටට දුකට ජන්කුක් වග නැති බව.. ඒ කෙසේ වෙතත් නාරි මුළු සතියම තමන්ගෙම යටි සිත එක්ක හැප්පිලා, අන්තිමේදී තමන්ව නතර කරගෙන හිටපු දුක, බය, ආදරය වගේ මේ හැගීම් සියල්ලම යටපත් කරලා දාලා ආයෙමත් ඉස්සර උනු සාමාන්‍ය කෙනාම වෙන්න හිතාගත්තා..

"අද ඔයා කළින් එනවද නාරි?"

"බැරි වෙයි ඔන්නී.. මේ සතියෙම පාඩුවුණු වැඩත් තියෙනවනෙ"

"ඒත් ඔයාට තාම හොදටම හොද නෑනේ.. වැඩිය මහන්සි වෙන්න එපා තේරුණාද?"

"අනේ හරි මැඩම්.. මං ගැන බය වෙන්න එපා ඕකේ??"

"පණ්ඩිත කෙල්ල.. පරිස්සමින් ගිහින් එන්න එහෙනම්.. අමාරුවක් වුණොත් කෝල් එකක් දෙන්න"

"දේ.."

නාරි යන දිහා නාබි බලන් හිටියේ අම්මා කෙනෙක් තමන්ගෙ දරුවා දිහා බලනවා වගේ.. දෙමාපියන්ගෙන් ඈත, සෝල් වගේ විශාල නගරෙක තනියම ජීවත් වුණු මේ දෙන්නගෙන්, නාරිට තිබුණු ලොකුම ශක්තිය තමයි නාබි.. නාරිට නාබි ගැන තිබුණේ මෙතෙකැයි කියන්න බැරි ආදරයක්..



_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _



"කෝ මේ හූනූ තඩියා?!?!?!"

GOLDEN [JUNGKOOK FF]Where stories live. Discover now