Intro*pt 3💜️

58 10 0
                                    

දැන් ඉස්සරහට යන්න කලින් සිහිනගෙ කතාවත් අහල ඉන්න....

මම සිහින...
අම්මයි තාත්තගෙයි බලකිරීම නිසා engineer කෙනෙක් වෙන්න ගියපු මම මගේ ජීවිතේ පලවෙනි යාලුවා නිසා මගේ කැමැත්ත ගැනත් හිතන්න පටන් ගත්තා,...

අවුරුදු 10 ඉදන් මායි අයියයි ජීවත් උනේ වෙනම.

ඒකයි හාසිමී ට මාව මුලින් මුන නොගැහුනේ..

තාත්තත් එක්ක මන් ජීවත් වෙද්දී අම්මත් එක්ක හිටියෙ අයියා....

අම්මයි තාත්තායි divorce නොවුනත් ඒ දෙන්නා දුරස් වෙලා හිටියෙ,

තාමත් ඒකට හේතුවක් මම දන්නෙ නෑ...
දැන් නම් ඉන්නවා අලුත බැදපු ජෝඩුව වගේ,

කොහොම හරි ඒකෙන් උනේ මායි අයියායි දුරස් වුනු එක....

මායි තාත්තයි Korea වට ආවෙ තාත්තා korean නිසා,

අම්මයි මායි වැඩිය කතා නෑ.මට තාම තරහයි අම්ම අයියව තෝරගත්‍ත එක ගැන කොහොමත් ඉස්සර ඉදන් එයා අම්මගෙ පුතානෙ...

තාත්තාගෙ business ගැන කිව්වොත් එයා වැඩ කරන්නෙ hybe එකේ...තව මොනවද මන්ද company වගේක shares වගේකුත් තියෙනවා කියල මට හැමතිස්සෙම කියනවා,ඒත් ඉතින් මේ නිදහස් ජීවිතේට ඔව්ව වැඩක්ද
එයා ගොඩක් busy නිසා මන් btsලට ගොඩක් ලන් වුනා....

වචනයක් වත් කතා නොකර තිබ්බට එයාල මට මගේම සහෝදරයො වගේ...

මන් කීප සැරයක්ම තාත්තට කිව්ව autograph එකක් හරි එයාලගෙන් ඉල්ලලා දෙන්න කියලා ඒත් ඉතින් එයා මම කියන එකක් අහන්නෑනෙ.

මම school ගිය කාලෙ මම ලමයින්ගෙන් කොන් උනේ මගේ අහිංසක පැත්ත නිසා ,කොහොමත් මම තනියෙන් ඉන්න කැමති නිසා මට ඒක එච්චර ප්‍රශ්නයක් උනේ නෑ....

අනික හාසිමී කියනව වගේ මානසිකව වැටිලා දනිස් පොල්කටු දෙක තුවාල කරගන්නෙ මොකටද මේ වැඩකට නැති හේතු නිසා...

අපි නිවුන්නු කියල කියන්න බැරි තරම් වෙනස් වුනත් සහෝදරයො කියල හිතන්න පුලුවන් තත්වයක් තිබුනා පෙනුමෙන් නම් handsome අයියා කියල තමා කට්ටිය කිව්වෙ..හැබැයි මම ඒ තරමටම cute ලු...

අපෙ අම්මයි තාත්තයි අපි දෙන්නට නම් දාද්දි ගුලි කාලද හිටියෙ කියල මට සාදාරන සැකයක් තියෙනවා.අපේ sername එක Jeon ඒකට ගැලපෙන නම් දාන්නැතුව වෙන එකක් දාලා.ඒකයි මම sername එක පාවිච්චියට නොගන්නෙ.....ඒ මදිවට අපි නිවුන්නු කියලත් අමතක වෙලා..

මේව ඉතිම් කාට කියන්නද....

........................................................................
ඔන්න සිහිනගෙ ජීවිතේත් හරි

Life is just Life😣Waar verhalen tot leven komen. Ontdek het nu