After few minutes...
.
.🐱:මේ මන් අහන්නමයි හිටියෙ..
හුරතල් කොල්ලෝ.....
උබගෙ නම මොකද්ද...
.
.
👦:ආ ඔව්නෙ හ්යුන්ග්ලට කියන්න බැරි උනානෙ...
අහම්..අහම්
මගේ නම Jeon සිහින...
මගේ වයස 23යි...
මන් photographer කෙනෙක්..
මගේ හොදම යාලුවාගෙ නම හාසිමී...
දැන් නම් එයා ඉන්නෙ කුකී හ්යුන්ග්ගෙ කර උඩ...
එතකොට මගේ තාත්තා....
(කොල්ලා කිව්වෙ මොන්ටිසෝරි ලමයෙක් රචනාවක් කියවනව වගේ)
.
.
🐱:ඇති ඇති කොල්ලො..එච්චර ඕනෙ නෑ...
.
.
🐯:පොඩ්ඩක් ඉන්න...එතකොට හාසි බබා උබගෙ girlfriend නෙවේ ද...👦:මොකක් කිව්වා...
පිස්සුද හ්යුන්ග් මේ ගොන් ගහ කර ගැහුවොත් ඉතින් අන්ගොඩ පිස්සෙක් තමයි...🦄:මොනා උනත් ජේසි කොල්ලගෙ නම කේකුයි පරිප්පුයි වගේ නේද...
🐯🐱🐨👦🐥🐰🐻:ජේසි...
🐥:කවුද හ්යුන්ග් ඒ...
🦄:ඇයි අනේ මේ ඉන්නෙ...මන් ඉතින් පොඩ්ඩක් නම කෙටි කරා...
(එහෙම කිව්වෙ සිහිනව පෙන්නන ගමන්)
🐨:ඔව් ඉතිම් අපේ හොබීට
නම් කෙටිකරන්න එසේ මෙසේ පලපුරුද්දක් නෙවෙයිනෙ තියෙන්නෙ අවුරුදු විස්සක පලපුරුද්දක්....
.
.
🐰:shhh..කෑ ගහන්න එපා හ්යුන්ග්..හාසි බබා නිදි...කුකී එහෙම කියනකොට හැමෝම බැලුවෙ මූ අමු පිස්සෙක්ද වගේ බැල්මකින්..
ඇයි දෙයියනේ දැන් disneyland එන්න ඕනෙ කියලා මැරෙන්න හදපු එක්කෙනා නිදි මේ සද්දෙත් එක්ක... disneyland කියන්නෙ සද්දෙ නැති තැනක් නෙවෙයිනේ....
.
.
.
හැබැයි ඉතින් කුකී දිහා බැලුවාම හැමෝටම ජය මoගල ගාථා මතක් උනේ කුකී කෙල්ලව ඉස්සරහට අරන් වඩාගෙන හිටිය විදිය දැකලා...(මේ විදියට හිතා ගන්නකෝ හොදේ )
🐰:ඇයි හ්යුන්ග් ඔහොම බලන්නෙ...
හරි හරි හ්යුන්ග්ලා අහන්න හදන දේ දන්නවා...
මේ කෙල්ල නින්දෙන් අත්දෙක බෙල්ලෙන් අත ඇරලා මගේ පශ්චාත් බාගෙට ගහනවා...තව පොඩ්ඩෙන් වැටෙනවත් එක්ක...
කවුරු කියලා හිතාගෙනද දන්නෑ..ඉතින් මම ඉස්සරහට අරන් වඩා ගත්තා...
YOU ARE READING
Life is just Life😣
Fanfictionමගේ ජීවිතේ හරි පුදුම එකක් .... සැගවුනු රහස් ගොඩක් පිරුනු ලෝකෙක මගේ ජීවිතේ විතරක් ෆැන්ටසියක් උනේ කොහොමද.....